Print this Article


මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් මහා පෙරහර

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් මහා පෙරහර

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් මහා පෙරහර ජූනි 19 වෙනි දින උදේ 8.30 ට සමිති මූලස්ථානයෙන් පිටත්ව මහනුවර ප්‍රධාන වීදිවල සංචාරය කෙරේ.

සිරිත් පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ පූර්ණ අනුග්‍රහයත් සහායත් ඇතිව මෙවරද පුෂ්පදාන සමිතියේ පෙරහර පැවැත්වෙන බව පුෂ්පදාන සමිතියේ ප්‍රධාන සභාපති වෝල්ටර් රණසිංහ මහතා සඳහන් කරයි. මහනුවර ඇසළ මහ පෙරහර ගමන් කරන ප්‍රධාන මාර්ග සම්බන්ධකරගෙන මෙවරද පුෂ්පදාන සමිතියේ පෙරහර රාජ්‍ය ආයතන සහ සමිතියේ සාමාජිකත්වයේ සහයෙන් අත්‍යලංකාරයෙන් පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් මෙදිනම ප්‍රදේශයේ දිළිඳු පවුල් අතර වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීමේ සමාජ සද්කාර වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව රණසිංහ මහතා සඳහන් කරයි.