Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහා පෙරහර සහ මල්වතු අස්ගිරි මහා විහාර උපසම්පදා පෙරහර

ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහා පෙරහර සහ මල්වතු අස්ගිරි මහා විහාර උපසම්පදා පෙරහර

කේ. බණ්ඩාරනායක

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහා පෙරහර චාරිත්‍රානුකූලව පොසොන් පෝයදින සවස වීදි සංචාරය කෙරේ. සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන පොසොන් මහා පෙරහර මෙදින ශ්‍රී දළදා මාළිගාව මහ වහල්කඩ අභියසයෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ සංචාරය කරනු ඇත.

මෙදිනම මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පෙරහර දෙක උභය මහා විහාර වෙත ගමන් කර ගෙවදීමෙන් අනතුරුව මාළිගාවේ පොසොන් මහා පෙරහර ආරම්භ කෙරේ. මෙදින වාහලනාගනාමයෙන් අධිසිල් ලබන මල්වතු, අස්ගිරි මහා විහාරයන්හි සාමණේර දෙනම ශ්‍රී දළදා මාළිගාවේ සිට පෙරහරෙන් වැඩමවාගෙන යනු ලබන අතර ඓතිහාසික මංගල උපෝසථාගාරයන්හි මල්වතු අස්ගිරි අතිපූජ්‍ය මහානායක මාහිමි දෙනමගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලබන සාමණේර දෙනමට අටපිරිකර පූජාව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා විසින් සිදුකිරීම රාජ්‍ය සමයේ සිට සිදු කරගෙන එනු ලබන සම්ප්‍රදාය වන්නේ ය.

මේ අනුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මෙම වසරේ සිදු කරනු ලබන උපසම්පදා විනය කර්ම කටයුතු ජූනි 19 වෙනිදා පොසොන් පෝය දිනයෙන් අවසන් කෙරේ.