Print this Article


කිරම විමලජෝති නාහිමියන්ගේ පැවිදි උපසම්පදාවට සමරු පින්කම්

කිරම විමලජෝති නාහිමියන්ගේ පැවිදි උපසම්පදාවට සමරු පින්කම්

ලෝකවාසී බෞද්ධ ජනයාගේ උරුමයක් වූ ත්‍රිපිටකය, අටුවා ඇතුළු සියලු බෞද්ධ ග්‍රන්ථ නැවත සැදැහැති ජනයා වෙත ලබා දීමට අවස්ථාව සැලසූ දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක, කොළඹ, තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙහි සහ හොරණ, දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ, කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට වසර 56 ක් හා උපසම්පදාවෙන් වසර 50 ක් සපිරීම නිමිති කරගෙන සිදු කරනු ලබන පින්කම් මාලාව ජූනි මස 24, 25, 26 යන දිනයන්හි සිදු කෙරේ.

ජූනි 24 දින සවස 5.00 ට ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කම සහ 25 දින දවල් දානමය පින්කම නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. 26 දින පස්වරු 2.00 ට කනංකේ පුහුලහේන මෛත්‍රී විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාව කිරම විමලජෝති නාහිමියන්ගේ සුරතින් විවෘත කෙරේ.