Print this Article


බුදුසරණ දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු තැනට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැතුම් දිල්හාර දිසානායක

බුදුසරණ දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු තැනට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැතුම් දිල්හාර දිසානායක

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් පවත්වන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමු තැන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැතුම් දිල්හාර දිසානායක හිමිකර ගෙන ඇත.

එහි දෙවන ස්ථානය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ජේ.ඊ.ඒ. අධිෂ්ක ඩිප්න ජයසිංහ, තෙවන ස්ථානය අලව්ව පරමාඋල්ල සිරි සිදුහත් දහම් පාසලේ ඩී.ඒ. මොක්ෂාණි ජයසේකර සහ සිව්වන ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එන්.ජී. සංජනා කෞමාලි නෙළුම්දෙණිය, පස්වන ස්ථානය හිදෝගම කළුවිල සේන මහා විද්‍යාලයේ එම්.ඩී. ෂෙහානි මධූෂිකා, හයවන ස්ථානය වතුගෙදර ආඳාදොළ එම්.ඩබ්ලිව්. මදාරා ප්‍රසාදිනි සඳමිණි සෙනෙවිරත්න, හත්වන ස්ථානය සියඹලාපේ දරණගම මහ විදුහලේ ඩබ්.ඒ. අචිනි නෙත්මිණී, අටවන ස්ථානය, ලෙවන්ගම තලවත්ත ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ ඩබ්.එම්.එම්. නයමිණි නිරෝෂිකා විජේසිංහ නවවන ස්ථානය හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ජී. අංජන දීපනාත් ප්‍රේමතිලක, දහවන ස්ථානය අවුකන මල්බලිගල ශ්‍රී මංගලාරාම දහම්පාසලේ එච්.පී.එස්. මධුසංක යන සිසු සිසුවියන් හිමිකර ගෙන ඇත.

ඊට අදාළ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මිහින්තලා ආලෝක පූජාවේදී ජූනි 22වන දා පස්වරු 6ට මිහින්තලා පුදබිමේ දී සිදු කෙරේ.