Print this Article


ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ සර්වඥ ධාතු මන්දිරයට ප්‍රථම බුද්ධ පූජෝපහාරය ජනපති අතින්

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ සර්වඥ ධාතු මන්දිරයට

ප්‍රථම බුද්ධ පූජෝපහාරය ජනපති අතින්

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අභිනව සර්වඥධාතු මන්දිරය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපාන පෙමසිරි මහා නාහිමියෝ ජුනි 18 වන දින පස්වරුවේදී විවෘත කරනු ලැබේ. ධාතු මන්දිරයට ප්‍රථම බුද්ධ පූජෝපහාරය එදින පවත්වනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසිනි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම ධාතු මන්දිරය නිර්මාණය කර ඇත.