Print this Article


සිල් රෙදි ප්‍රදානය 12 වන දා මිහින්තලේදී

සිල් රෙදි ප්‍රදානය 12 වන දා මිහින්තලේදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසල් සිසු දරු දැරියන් සහ ගුරු භවතුන් එක්දහස් දෙසිය පනස් දෙනෙකු (1250) වෙත පොසොන් පොහෝදා මිහින්තලා පුදබිමේදී සීල සමාදානයට සහභාගිවීම සඳහා සිල් රෙදි බෙදාදීම මෙම 12 වන දා මිහින්තලේ ශ්‍රී රතනජෝති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරේ. මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් එම සිල් රෙදි ප්‍රදානය කෙරේ.