Print this Article


මිහින්තලේ ආලෝක පූජා මහෝත්සවයට බුදුසරණ කථික තරගය 11 වනදා මිහින්තලේදී

මිහින්තලේ ආලෝක පූජා මහෝත්සවයට බුදුසරණ කථික තරගය 11 වනදා මිහින්තලේදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ පාසල්, දහම් පාසල් සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන කථික තරගය මෙම ජූනි මස 11 වනදා පෙරවරු 8.00 සිට මිහින්තලේ රතනජෝති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වෙනුයේ මෙවර 54 වන වරටය. එම ආලෝක පූජාවට සමගාමීව පැවැත්වෙන කථික තරගය උතුරුමැද පළාතේ පාසල් සහ දහම් පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එම තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් දෙ අංශයකින් පැවැත්වේ.

එම තරගයෙන් ජයගන්නා එක් අංශයක සිසුන් දසදෙනා බැගින් සිසුන් 20 දෙනෙකු සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් රු. 10000, 7500,5000 සහ සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රු. 1000 බැගින්ද වූ මුදල් තිළිණ පත් පිරිනමනු ලැබේ. ලේක්හවුස් ආයතනය මඟින් වටිනා සහතික පත්‍රය බැගින් පිරිනමනු ලැබේ. ඩී.ආර්.විජයවර්ධන සම්මානය සහ පියසේන නිශ්ශංක සම්මානය තරග දෙ අංශයේ පළමුවන ස්ථාන සඳහා ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පිරිනමනු ලැබේ.