Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

උඩුගම පඤ්ඤානන්ද හිමි

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ උඩුගම සාරානන්ද හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය, බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනෙහි ප්‍රාචීන අංශයේ ඉගෙනුම ලබන උඩුගම පඤ්ඤානන්ද සාමණේර හාමුදුරුවන් වහන්සේ ජූනි මස 08 දින ඓතිහාසික මල්වතු මහා විහාරස්ථ රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාවෙහි පිහිටුවනු ලබති.

උන්වහන්සේ උඩුගම ඉහළගම එන්.ජී.ප්‍රේමදාස සහ කේ.එල්.චන්ද්‍රවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

 

 

 

 


කෝට්ටේ සුමනනන්ද හිමි

කෝට්ටේ සුමනනන්ද කුඩා ස්වාමීන්වහන්සේ ජූනි මස 04 වෙනි දින ඓතිහාසික අස්ගිරිය මහාවිහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබති. අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනෙන්ද කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙනෙන්ද මූලික අධ්‍යාපනය ලැබූ එම හිමියෝ දැනට නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබමින් සිටිති.

කොටහේන බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා සිරිපැරකුම්බා පිරිවෙන්පති ශාස්ත්‍රවේදී වෑගම ඥානානන්ද හිමියන්ගේ ශිෂ්‍ය නමක් වන උන්වහන්සේ ගන්දික සමන් පෙරේරා මහතා හා නෙළුම් එදිරිසිංහ මහත්මියගේ ජ්‍යෙෂ්ඨ පුතනුවන්වේ.

උපසපන් වූ ඒ හිමියන් ජූනි මස 12 වෙනිදින ජයසුමනාරාමයේ සිට පෙරහරකින් තම විහාරස්ථානයට වැඩමවා පිළිගැනීමේ උත්සවයක් සවස 6 ට විශේෂ බෝධි පූජාවක් පවත්වා උන්වහන්සේට ආශීර්වාද කරන අතර ජූනි මස 19 වෙනි දා කෝට්ටේ සුමනනන්ද ස්වාමීන්වහන්සේගේ මංගල ධර්මදේශනාව පැවැත්වේ.