Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව උතුරු මැද පළාතේ බුදුසරණ කථික තරගය 11 වනදා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව

උතුරු මැද පළාතේ බුදුසරණ කථික තරගය 11 වනදා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන කථික තරඟය මෙම මස 11 වනදා මිහින්තලේ දී පැවැත්වේ.

එම කථික තරගය කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් දෙඅංශයකින් යුක්තව පැවැත්වෙන අතර එම අංශ දෙකෙහිම 1,2,3 ස්ථාන සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පිරිනැමෙන මුදල් තිළිණපත් රු. 10000, 7500, 5000 වශයෙන් සහ සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රු. 1000 බැගින් වූ තිළිණ පත් ද දෙඅංශ සඳහාම පිරිනැමේ. ඊට අමතරව ලේක්හවුස් ආයතනය මඟින් වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමේ.

ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් ඩී. ආර්. විජයවර්ධන සම්මානය සහ පියසේන නිශ්ශංක සම්මානය එම දෙඅංශයේ පළමුවැනියන් සඳහා පිරිනමනු ලැබේ.

මිහින්තලේ රතනජෝති බෞද්ධ මධ්‍යස්ථානයේදී එම කථික තරග පැවැත්වේ.