Print this Article


ආදි ආනන්දයීය බෞද්ධ සංගමයෙන් දීපව්‍යාප්ත ධර්ම දේශනා දහසක් ඉල් පුර පසළොස්වක පෝදා

ආදි ආනන්දයීය බෞද්ධ සංගමයෙන් දීපව්‍යාප්ත ධර්ම දේශනා දහසක් ඉල් පුර පසළොස්වක පෝදා

ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේ දී (නොවැම්බර් 14 වන දා) ස්ථාන දහසකදී සිදු කිරීමට ආදි ආනන්දයීය බෞද්ධ සංගමය අපේක්ෂා කරයි.

කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කොට වසර 130 ක් සපිරෙන මෙම වසරේ නොවැම්බර් මාසයේ පුර පසළොස්වක දිනය මේ සඳහා තෝරාගැනීමද විශේෂයක් බව ආදි ආනන්දීය බෞද්ධ සංගමය කියයි. මේ සඳහා ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය හා අනුබද්ධ සංවිධාන විද්‍යාලයේ වර්තමාන හා ආදි ගුරු භවතුන් මෙන්ම සිසුන්ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයද එක්ව කටයුතු කරයි.

ප්‍රාදේශීය වශයෙන් මෙම ධර්ම දේශනා සංවිධානය කිරීමට කැමති ආනන්ද විද්‍යාලයේ ආදි ගුරු භවතුන්, ශිෂ්‍යයන් හෝ වෙනත් ඕනෑම අයෙකුට ආදි ආනන්දයීය බෞද්ධ සංගමය හා එක්විය හැකි බවද කියයි. මෙම ධර්ම දේශනා සංවිධාන කෙරෙන විහාරස්ථාන සඳහා දහම් පඬුරු පූජා කිරීමටද, දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සඳහා ගිරි භාණ්ඩ පූජා කිරීම් ආදියටද දායක විය හැකි බවද කියයි.

ඒ සඳහා සියලු විමසීම් ජගත් ලියනගේ (071 7309200) හෝ ඉන්දික වන්නිආරච්චි ( 071 6969872) යන අය අමතා ලබාගත හැකි බවද කියයි.