Print this Article


ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර


ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් මහා පෙරහර වෙසක් පුර පසළොස්වක පෝය දින චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින වෙසක් පෙරහර මාලිගා චතුරශ්‍රයෙන් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ ගමන්කර මහ වහල්කඩ අබියසෙන් ගෙවදී. වෙසක් පෙරහර ආරම්භ කිරීමට පෙරාතුව, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා මංගල්‍යය ආරම්භ කරමින් උපසම්පදා පෙරහර දෙකක් මල්වතු හා අස්ගිරි මහා විහාර වෙත ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වේ. වාහලනාග නාමයෙන් මෙදින උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන උපසම්පදා අපේක්ෂක සාමණේර දෙනමගේ උපාධ්‍යායත්වය අස්ගිරි, මල්වතු මහා නායක මාහිමි දෙනම විසින් උසුලනු ලබන්නාහ.