Print this Article


අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 :ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 :ආදර්ශ ප්‍රශ්නෝත්තර

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

VIII අභ්‍යාසය

1)ධර්මාශෝක අධිරාජයා විසින් බුදුරදුන් පිටදී වදාළ ශ්‍රීමහා බෝධියේම දක්ෂිණ ශාඛාව ලංකාවට එවන ලදී. එසේ එවීමේදී එහි ආරක්ෂාව හා තේවාව පැවැත්වීමට විවිධ වූ කුල ශ්‍රේණීන්ද ඒ සමඟ එවන ලද බව වංශ කථා සාහිත්‍යයේ දැක්වෙයි. එසේ එවන ලද ශ්‍රේණි සංඛ්‍යාව වනුයේ,

1.සොළොසකි
2. සියයකි
3. දහ හතකි
4.දොළොසකි
5 දහ අටකි

2) තථාගතයන් වහන්සේ විසින් දේශිත දේශනා අතර කරණීය මෙත්ත සූත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එහි සඳහන් වන ‘සුභර’ යන වචනයෙන් සඳහන් වන ගුණාංගය නම්,

1. පමණ දැන ආහාර ගැනීමයි
2.අනුන්ගෙන් නොයැපීමයි
3.අනුන්ට බරක් නොවී ජීවත්වීමයි
4. සාර්ථක ජීවිතයක් ගත කිරීමයි
5. පහසුවෙන් පෝෂණය කළ හැකි බවයි

3) බුදුරදුන් තරම් සෞන්දර්ය වර්ණනාවට ලක් කළ වෙනත් ආගමික ශාස්තෘවරයෙක් එකල භාරතයේ නොසිටියහ. එය පසක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ “මෙ වනගහනය නිවන් මග සොයා යන්නවුන්ට තවුස්දම් පිරීමට ඉතා හොඳ තැනකි” යනුවෙනි. මේ ආකාරයට වර්ණනාවට ලක්වූ ස්ථානය නම්,

1.කිඹුල්වත්පුරයයි
2. ඉසිපතනයයි
3. අනෝමා ගංතෙරයි
4.උරුවෙල් දනව්වයි
5.වේළුවනාරාමයයි

4) ඉතා චාම් සරල දිවිපෙවතක් ගත කරන භික්ෂුව පිළිබඳ සාවද්‍ය ප්‍රකාශවනුයේ මින් කුමක්ද

1.භික්ෂුව අන්‍යයන්ගෙන් යැපිය යුතුය යන්නයි
2.භික්ෂුව බහුභාණ්ඩිකතාව අගය කළ යුතුය යන්නයි
3.භික්ෂුව සිව්පස පවා පරිහරණය කළ යුත්තේ තමන්ගේ බ්‍රහ්මචරියාවට ඇවැසි ආකාරයට යන්නයි
4.භික්ෂුව අල්පකෘත්‍යතාවයෙන් හා අල්පේච්ඡතාවයෙන් සුසැදිය යුතුය යන්නයි
5. භික්ෂුව මනාකොට විනය නීති ආරක්ෂා කළ යුතුය යන්නයි.

5) වළගම්බා රජු පළමුවරට රජ වූයේ ක්‍රි.පූ. 106 දීය. නමුත් ඔහුට රාජ්‍ය කිරීමට ලැබුණේ කෙටි කාලයකි. භාරතයෙන් මෙහි පැමිණි ද්‍රවිඩයන් හත් දෙනෙකු රජුට විරුද්ධව යුද වැදී රාජ්‍ය පැහැර ගත්හ. යුද්ධයෙන් පැරැදී වන ගත වු රජුට නොයෙක් ආකාරයෙන් ආධාර උපකාර කරනු ලැබුවේ භික්ෂූන් වහන්සේ නමකි. එම භික්ෂුව නම්,

1. මහා දැළියා මහතිස්ස තෙරුන්ය
2. දාඨාසිව තෙරුන්ය
3.ගෝදත්ත තෙරුන්ය
4. බාල මහලු තිස්ස තෙරුන්ය
5. කුප්පික්කල මහා තිස්ස තෙරුන්ය

6) මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධ ඝෝෂ හිමියන් මහා විහාරයෙන් අධ්‍යාපනය හදාරා මෙහිදීම වටිනා ග්‍රන්ථ කිහිපයක් රචනා කළ හිමිනමකි. බුද්ධඝෝෂ හිමියන් බුදුදහම විග්‍රහ කරමින් ලියන ලද අසහාය ග්‍රන්ථ වනුයේ,

1.සමන්ත පාසාදිකාවයි
2.මනෝරථ පූරණියයි
3.සුමංගල විලාසිනියයි
4.පපංච සුදනියයි
5.විසුද්ධි මාර්ගයයි

7) ශ්‍රී ලාංකික පාලකයෙක් වූ වළගම්බා රජු ‘ගිරි’ නම් නිගන්ඨයා විසූ අසපුව කඩා විනාශ කොට එතැන බෞද්ධ විහාරයක් කරවු බව නිකාය සංග්‍රහයේ දැක්වේ. එම විහාරය නම්,

1.මහා විහාරයයි
2. අභයගිරියයි
3. ථූපාරාමයයි
4. වෙස්සගිරියයි
5. ඉසුරුමුණියයි

8) සංඝමිත්‍ර නම් භික්ෂුවගේ වැරැදි උපදෙස් තුළින් කැළඹී ලෝවාමහාපාය ඇතුළු තුන්සිය හැට හතරක් වෙහෙර විහාර මුලිනුපුටා විනාශ කර විහාර භූමියේ පවා උඳු වපුරනු ලැබුණි. මෙම අදැහැමි ක්‍රියාවට මුල් වූ ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලකයා වනුයේ,

1.වළගම්බා රජුය
2. දේවානම්පියතිස්ස රජුය
3. මහසෙන් රජුය
4. මිහිදු රජුය
5.පළමු අග්බෝ රජුය

9) උයන්කෙලි සඳහා පිටත්වූ දින කිිහිපයකදීම සතරපෙර නිමිති පිළිවෙළින් දැකීමෙන් සිදුහත් කුමරු කලකිරීමට පත් වූ අතර ගිහිගෙය පිළිබඳ ඇල්ම සිඳී යාම හේතුකොට ගෙන අභිනික්මන් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තම මඟුල් කඩුවෙන් සියතින්ම කෙස් කපා රාජාභරණ මුදා කසාවත් හැඳ උතුම් පැවිදිබව ලැබූහ. මෙම සිදුවීම සිදුවූයේ.

1.අචිරවතී ගංතෙර දීය
2.යමුනා ගංතෙර දීය
3. අනෝමා ගංතෙර දීය
4.නේරංජන ගංතෙරදීය දීය
5. නර්මදා ගංතෙර දීය

10) සැවැත් නුවර එක්තරා කුල පුත්‍රයෙක් බුදු බණ අසා පැහැදී සසුන්ගත විය. කල්යාමේදී උන්වහන්සේට දරුණු කුෂ්ඨ රෝගයක් වැළඳුණි. එය කොතරම් දරුණු වීද යත් මුළු ශරීරයම ලේ සැරව ගලන සිදුරු සහිත වණයක් බවට පත්විය. එවැනි සිදුවීමකට මුහුණ පෑ බුද්ධ කාලීන භික්ෂුව වූයේ,

1.මුගලන් හිමියන්ය
2.පූතිගත්තතිස්ස හිමියන්ය
3.වක්කලී හිමියන්ය
4.ඡන්න හිමියන්ය.
5.ආනන්ද හිමියන්ය .

පිළිතුරු

1-5 , 2-5, 3-3,4-2,5-5, 6-5,7-2,8-3,9-3,10-2

IV අභ්‍යාසය

1) වෛදික චින්තනයට අනුව කාමයෙහි නොඇලී කටයුතු කිරීම ස්වධර්මයක් වන්නේ මින් කවර පිරිසටද

1 .බ්‍රාහ්මණයන්ටය
2. ක්ෂත්‍රියන්ටය
3. මුනිවරුන්ටය
4. වෛශ්‍යයන්ටය
5.ශුද්‍රයන්ටය

2) ඒ ඒ වර්ණවලට අයත් කාර්ය නියම කරනු ලබන බ්‍රාහ්මණික ඉගැන්වීම හැඳින්වෙන්නේ මින් කුමකින්ද

1.වර්ණධර්ම නමිනි
2.ආශ්‍රමධර්ම නමිනි
3.ස්වධර්ම නමිනි.
4.ආපද්ධර්ම නමිනි
5.නියාම ධර්ම නමිනි

3) “පරලොවක් ඇද්දැයි මගෙන් විමසුවහොත් පරලොවක් ඇතැයි මට අදහස් වී නම් පරලොවක් ඇතැයි මම කියමි. එහෙත් එබඳුම අදහසක් මට නැත. පරලොවක් නැතැයි යන අදහසක් ද මට නැත. අන් පරිද්දකිනුත් මගේ අදහසක් නැත” යනාදී වශයෙන් ආකල්ප දැරූ ශාස්තෘවරයා මින් කවරෙක්ද

1.පූර්ණකස්සප ය
2.මක්ඛලීගෝසාලය
3.සංජයබෙල්ට්ඨිපුත්තය
4. පකුධකච්ඡායනය
5.අජිතකේසකම්බිලිය

4) බුදුසමයෙන් කාන්තාවන්ට පූර්ණ ආගමික නිදහසක් ප්‍රදානය කොට ඇති බව සනාථ වන්නේ,

1. බුදු සසුනේ කාන්තා පැවිද්දට ඉඩ ලබා දීමෙනි
2. නිවසේ ආධිපත්‍ය බිරිඳට ලබා දීමෙනි
3.ස්වාමියාට හා බිරිඳට සාමාජික වශයෙන් සමානව කටයුතු කිරීමට අවකාශ ලබා දීමෙනි.
4. රජුන් පවා තනන මව බෞද්ධ සාහිත්‍යය තුළ උසස් ලෙස අගය කොට තිබීමෙනි.
5. මවක් වශයෙන් කාන්තාව බුදුසමය තුළ පූජනීයත්වයට පත්කොට තිබීමෙනි.

5) ශ්‍රමණ සම්ප්‍රදායය බ්‍රාහ්මණ සම්ප්‍රදායයෙන් වෙනස් වන මූලික ලක්ෂණ මින් කුමක්ද

1.ඤාණමාර්ගය නො පිළිගැනීම
2.ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ ප්‍රාමාණිකත්වයෙන් නො පිළිගැනීම
3.අනීශ්වරවාදය නො පිළිගැනීම
4.අත්තකිලමතානුයෝගය නොපිළිගැනීම
5.අනගාරික ප්‍රතිපදාව නොපිළිගැනීම

6) අවන්ති රාජ්‍යයේ බුද්ධකාලීන පාලකයා වූයේ

1.පසේනදී කෝසල රජුය
2. සේනිය බිම්බිසාර රජුය
3. අජාසත් රජුය
4. උදේන රජුය
5. චණ්ඩප්පජ්ජෝත රජුය

7) සාවක සංඝ නමින් හැඳින්වෙන පිරිසට අයත් ආර්ය ශ්‍රාවකයෝ

1.භික්ෂු සංඝයා තුළ පමණක් සිටිති
2.භික්ෂුණී සංඝයා තුළ පමණක් සිටිති
3.උභතෝ සංඝයා තුළ පමණක් සිටිති
4.උපාසක උපාසිකා දෙපක්ෂය තුළ පමණක් සිටිති
5.සිව්වනක් පිරිස තුළම සිටිති.

8) සිඟාලෝවාද සූත්‍රයෙහි සදිසා නියෝජනය වන පරිදි විවිධ සමාජ සංස්ථා හඳුන්වා දී තිබේ. මේ අනුව උතුරු දිසාවන් නියෝජනය වන සමාජ සංස්ථාව වන්නේ

1.දෙමවුපියෝය
2.ආචාර්යවරුය
3.මිත්‍ර කුලපුත්‍රයෝය
4. ශ්‍රමණ – බ්‍රාහ්මණයෝය
5 සේව්‍ය – සේවකයෝය

9) සිඟාලක ගෘහපති පුත්‍රයා විසින් අනුගමනය කරනු ලැබු පිළිවෙතක් දුටු බුදුරදුන් ඒ වෙනුවට සමාජගත ජීවිතයේදී පුද්ගලයා විසින් ඉටුකළ යුතුකම් හා වගකීම් සමුදායක් පෙන්වා දී ඇත. සමාජයේ යහපැවැත්මට හේතු වන එකී යුතුකම් අතුරෙන් පරම්පරාවෙන් උරුම වන සම්පත් රැක ගැනීම.

1.දෙමවුපියන්ගේ වගකීමකි
2.දරුවන්ගේ වගකීමකි
3.ස්වාමිපුරුෂයාගේ වගකීමකි
4.බිරිඳගේ වගකීමකි
5.සේවකයන්ගේ වගකීමකි

10) ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට තෝරාගත් නගරය වූයේ මින් කුමක්ද

1.රජගහ නුවරය
2. කුසිනාරා නුවරය
3.සැවැත් නුවරය
4.පැළලුප් නුවරය
5. විශාලා මහනුවරය

පිළිතුරු

1-2 ,2-3,3-3,4-1,5-2,6-5,7-5,8-3,9-2,10-1


පසුගිය සතියෙන්: අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: - 01