Print this Article


සද්ධර්මාකර සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම 15වන දා

සද්ධර්මාකර සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම 15වන දා

පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත් 9වන දා ආරම්භ කැරිණි. එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසු දා 150 නමක් මහ සඟරුවන උදෙසා සංඝගත දක්ෂිණාවක් අපවත් වී වදාළ පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමි ඇතුළු අපවත්වී වදාළ නාහිමිවරුන් ගුණසිහි කිරීම සඳහා පැවැත්විණි.

මෙම මස 15වන දා පස්වරු 2ට නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහා නාහිමි සහ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි.නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් සහභාගි වනු ලැබේ.