Print this Article


මල්වතු සහ අස්ගිරි උපසම්පදාව වෙසක් පෝදා ඇරැඹේ

මල්වතු සහ අස්ගිරි උපසම්පදාව වෙසක් පෝදා ඇරැඹේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණ්‍යෙීත්සවය වෙසක් පුන් පොහොය දිනය යෙදෙන මෙම මස 21 දින ආරම්භ වෙයි. පුරා මාසයක කාලයක් පැවැත්වෙන උපසම්පදා පුණ්‍යෙීත්සවය පොසොන් පුන් පොහොය දිනය යෙදෙන ජුනි 19 වනදායින් අවසන් වනු ඇත.

උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් පළාතේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මඟින් ඒ බව මැයි මස 15 දිනට පෙර දැනුම් දෙන ලෙස මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය ලේකම් හිමිවරු දැනුම් දෙති.