Print this Article


නිවනට වෘත බාධාවකි නිවනට සිල් අවශ්‍ය වේ

නිවනට වෘත බාධාවකි නිවනට සිල් අවශ්‍ය වේ

මෙහි තවත් කොටසක් බක් පුර අටවක (අප්‍රේල් 14) පත්‍රයේ පළ විය

තමා මස් මාළු නොකන නිසා ම එම හැන්ද පාවිච්චිකර ව්‍යජංන බෙදා ගැනීමකින් තොරව මම අද ආහාර ගනු ලබන්නේ නැති බවට ප්‍රකාශ කිරීම වෘතයක් වෙයි. මාළු හටිටියේ එම හැන්ද තිබූ පමණින්ම හැන්ද සෝදා ගැනීම සඳහා වතුරත් නැතිනම් , මාළු ගෑවුණ හැන්දෙන් පරිප්පු ව්‍යංජනය බෙදාගත්ත නිසා ඔහු තුළ සිල් බිඳෙන්නේ නැත. අනෙකුත් සියලු දෙනාම කෑම ගනු ලැබුවද, ඔහු නොකා සිටිනවාය යනු එය වෘතයකි. ඔහුට නිවන් දැකිීමට නොහැකි වන්නේම එවැනි වෘත නිසයි.

උගත් බුද්ධිමත් පිරිස තුළ දැනුම සඳහා සක්කාය දිටිඨිය පැමිණෙනුයේ මම තරම් දන්නා අයෙක් නැහැ. එම විෂය පිළිබඳව වැඩිපුුරම දන්නේ මම පමණයි ඒ පිළිබඳව උපදෙස් ගත යුත්තේ මගෙන් පමණයි. ආදී වශයෙන් තමන්ගේ දැනුම පිළිබඳව සංඥා ස්කන්ධය තුළින් සක්කාය දිටිඨිය ගොඩනගා ගනියි.

බරපතල පින් කරන්නන් තුළ සහ බරපතල පවි කරන්නන් තුළද සංස්කාරය පිළිබඳව සක්කාය දිටිඨිය ගොඩනැගෙයි. නිතර පවිකරන ඉහළ අභිමානයකින් සිටියි. මම සොරකම් කරල තියෙන දේවල ප්‍රමාණයේ හැටියට ඒ අය මොනවද සොරකම් කරල තියෙන්නෙ ප්‍රාණඝාතය, සොරකම් කිරීම , කාමමිථ්‍යාචාරය පිළිබඳව ඔවුන් තුළ විවිධ සක්කාය දිටිඨි පවතී. පින් කරන අය තුළින් සංස්කාර පිළිබඳව සක්කාය දිටිඨිය ගොඩනැගෙන්නේ මම තරම් පින් කරපු කිසිවෙක් නැහැ. අපේ පරම්පරාවේ පිරිස පන්සල්වලට සළකල තිබෙන තරම් කවුද උපකාර කරල තියෙන්නේ . යනුවෙන් සක්කාය දිටිඨිය පින පිළිබඳව පැමිණිය හැකිය.

විඤ්ඤාණ ස්කන්ධය හෙවත් සිත මුල්කරගත් සක්කාය දිටිඨිය සියල්ලන් තුළම පවතී. කාගේ සිත වෙනස් වුවත් මගේ සිත වෙස් වන්නේ නැත. කාගේ සිත පිළිබඳව අවිශ්්වාසයක් ඇති වුණත් මගේ සිත පිළිබඳව අවිශ්වාසයක් ඇති කර ගන්න එපා. යනුවෙන් පොදුවේ අපගේ සිත පිළිබඳව දෘෂ්ඨී ගොඩනැගෙයි. සිත තුළ ආත්මයක් පවතී. එය සදාකාලිකයි. සිතට නිවෙසේ පැවැත්මක් ඇත. මගේ සිත තුළ වගේම තමා විශ්වාස කරනු ලබන්නාවූ අනෙකුත් අයගේ සිත තුළත් පවතී.

අප සියලු දෙනාටම පොදු වශයෙන් යම් යම් කරුණු පිළිබඳව සක්කාය දිටිඨිය පවතින බව වටහාගත යුතුයි. කලා කරුවන් සඳහා වේදනා ස්කන්ධයත්, උගතුන්ට සංඥා ස්කන්ධයත් , ක්‍රීඩකයන් හා නළු නිළියන් ආදී රූපය මුල්කරගත් පිරිස් හා අනෙකුත් පිරිස් ද ඇතුලුව අප සියලු දෙනා තුªළම ඒ ඒ අංශ තුළින් සක්කාය දිටිඨිය ගොඩනැගෙයි. ෙවිදනාව ආත්ම වශයෙන්ද , රූපය ආත්ම වශයෙන් ද සංඥා ආත්ම වශයෙන්ද , විඤ්ඤාාණ ආත්ම වශයෙන්ද, සංස්කාර ආත්ම වශයෙන්ද ගනී.

මදුරුවකු දෂ්ට කර කුඩා ප්‍රමායණකින් රුධිරය පිටවීම අපට නොදැනුණද, රිය අනතුරකින් විශාල රුධිරය ප්‍රමාණයක් ගැලී ගියහොත් එය දකින විටම මම ඉවරයි සිතමින් බියට පත්වෙයි. ලේ ප්‍රමාණය නවතවාගන්න බැරි වෙයිද මට අලුතෙන් ලේ දෙන්න වෙයිද යන්න පිළිබඳව සිතමින්

ආපෝ ධාතුව පිළිබඳව අප තුළ නොතිබුණ තණ්හාවක් ඇතිවෙයි. යමෙකු අසාධ්‍යව සොයාගත නොහැකි රෝගයකින් රෝහල් ගත කළ විට කකුල් දෙක සීතල වෙන බව වෛද්‍යවරයකු ප්‍රකාශ කළහොත් අපගේ මුළු ශරීරයම සීතල වනුයේ මම ඉවරද යන සිතිවිල්ලත් සමඟයි.ඒ තේජෝ ධාතුව පිළිබඳව පවතින ගැටළුවයි.

වායෝ ධාතුව සිදුරු තුළින් ගමන් කරයි. හතිය වැනි රෝගයක් වැළඳුනහොත් අප තුළ හටගන්නාවු බිය නිසාම වෛද්‍යවරයකු සොයාගෙන රෝහලක් කරා ඉතාමත්ම ඉක්මනින් ගමන් කරයි. හුස්ම හිරවීමත් සමඟම මගේ පන ටික අවසන් වෙයි යනුවෙන් සිතයි. හුස්ම තුළම ආත්මය පවතී යැයි සිතමින් හුස්ම ගිය විට අප ඉවරයි යනුවෙන් සිතමින් ඒ පිළිබඳව විශාල තණ්හාවක් ඇති කරගනී.

ආකාශ ධාතුවද එවැනි ආකාරයක් ගනී. නහය තුළ තිබෙන සිදුරු ද ,කන තුළ තිබෙන්නාවූ සිදුරු තුළ ද බැලූ බැල්මට ඇලීමක් නැති බවක් පෙනුනද, කනේ සිදුරු නාසයේ සිදුරු පිළිබඳව අප තුළ විශාල ඇලීමක් පවතින බව අපට වැටහෙනුයේ කූඹියෙක් වැනි පුංච් කෘමි සතෙකු මෙම සිදුරු තුළට ගිය විටයි.

අපගේ සිදුරු තුළ මේ පිළිබඳව ආත්මීය ආකල්පය ආත්මීය බැඳීම දුරු කර ගත හැක්කේ අප තුළ ධාර්මාවබෝධය පැමිණි විටයි.යමිකිසි පුද්ගලයකු එය අනිත්‍ය බවත් දුක්ඛ බවත් අනාත්ම බවත් වටහාගනු ලැබුව හොත් ඔහු තුළින් සක්ඛාය දිටිඨිය ප්‍රහීණවී යන බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.

සීලබිබත පරාමාස, යනු සීල වෘතවල ඇලීමයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් බුදුපියාණන් වහන්සේ සීලය අනුමත කරනු ලැබුවද ,සචේතනිකව කරනු ලබන්නාවූ වැරැදි ක්‍රි්යාවලින් ඉවත්විය යුතු බවට වදාරා ඇත. හොඳ ක්‍රියාවල නියැලීම සීලයයි. වෘත සචේතනික නැති ක්‍රියා පිළිබඳවත් කලබල විය යුතු නැහැ වෘත සමාදන් වූ අය ඒ පිළිබඳව බියක් ඇතිකර ගනී. සතුන් මැරෙයි යන බයට ඇතැම් පිරිස් ඇවිදිින්නේ නැත. ජලය තුළ සිටින ශුද්‍ර ජීවීන් මැරී යන බව සිතමින් ජලය පානය කිරීමෙන් වැළකෙයි. එවැනි කරුණු වෘත මිස සීලය නොවන බව වටහාගත යුතුයි.

සිල් එක වර්ගයක් වන අතර වෘත තවත් වර්ගයක් වෙයි. වෘත නිවනට බාධාවක් වන අතර සිල් නිවනට අවශ්‍ය වෙයි.වෘත සමාදන් වන පිරිස් ඒ පිළිබදව ගැටිගැටී සිටීයි. උදාහරණ වශයෙන් මස් මාළු නොමැතිව ආහාර අනුභව කිරීම හොඳ ක්‍රියාවක් වන අතර එය තුළ සීලයක්ද පවතී. ව්‍යංජන බෙදා ගැනීම සඳහා එක හැන්දක් පමණක් තිබෙන අවස්ථාවක් තුළ දී අනෙකුත් ව්‍යංජන බෙදා ගැනීමට සිදුවන්නේ එම හැන්ද පාවිච්චි කරමින් වුවද , තමා මස් මාළු නොකන නිසා ම එම හැන්ද පාවිච්චිකර ව්‍යජංන බෙදා ගැනීමකින් තොරව මම අද ආහාර ගනු ලබන්නේ නැති බවට ප්‍රකාශ කිරීම වෘතයක් වෙයි. මාළු හටිටියේ එම හැන්ද තිබූ පමණින්ම හැන්ද සෝදා ගැනීම සඳහා වතුරත් නැතිනම් , මාළු ගෑවුණ හැන්දෙන් පරිප්පු ව්‍යංජනය බෙදාගත්ත නිසා ඔහු තුළ සිල් බිඳෙන්නේ නැත. අනෙකුත් සියලු දෙනාම කෑම ගනු ලැබුවද, ඔහු නොකා සිටිනවාය යනු එය වෘතයකි. ඔහුට නිවන් දැකිීමට නොහැකි වන්නේම එවැනි වෘත නිසයි. මෙවැනි පිරිස් බුදුහිමියන් වැඩ සිටි සමයෙහිත් දක්නට ලැබුණ පිරිසයි.

බුදු දහම එවැනි කාරණා වෘත ලෙස සලකනු ලබයි. වෘත සමාදන් වන පිරිසට කවදාවත් නිවන් දකින්නට ලැබෙන්නේ නැත. විචිකිච්චා යනු බුද්ධාදී තෙරුවන් කෙරෙහි පිළිබඳව තිබෙන සැකයයි. එම සැකය දුරු කර ගැනීම ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වයි. මෙම සංයෝජන ධර්ම දුරු කරගැනීම තුළින් සෝතාපන්න තත්වයකට පත්විය හැකි බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.