Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා මහා පින්කමක් පසුගියදා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නා හිිමියන්ගේ මෙහෙයවීමෙන් අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. විශේෂ සම්බූදු පූජාව, අටපිරිකර විශේෂ පූජාව, පිත්තල පහන් පුජාව, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට රන් පළඳනාවක් පූජා කිරීම ඇතුළු විශේෂ පින්කම් රැසක් එහිදී සිදු කැරිණි.

 දේශ ශක්ති සාම විනිසුරු ජී. මයිකල් ප්‍රනාන්දු මහතාගේ හා අකාලයේ මියගිය ඒ මහතාගේ දෙටු පුත් රොෂෙල් ශර්වන්ත යන දෙපලගේ සම්පූර්ණ මූල්‍ය දායකත්වයෙන් අභිනවයෙන් නිම කර සඟ සතු කරන ලද කිඹුලාපිටිය දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේදී පසුගියදා ශතාධික අටපිරිකර මහා පූජා පින්කමක් හා මියගිය රොෂෙල් ශර්වන්ත තරුණ මහතාට පින් පිණිස වෛද්‍ය සායනයක් ද පවත්වනු ලැබීය. මීගමුව හරිස්චන්ද්‍ර මහ විදුහලේ ආචාර්ය ශාස්ත්‍රපති උභය විහාරාධිපති කටුකෙන්දේ විජිත හිමියන්ගේ සංකල්පනාවක් අනුව සංවිධානය කළ එම පින්කම විහාරස්ථ විහාර මහා දේවි කුළඟන සමිතිය හා සදහම් සරණ තරුණ සමිතිය හා දායක සභාවේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී. වෛද්‍ය සායනය සංවිධානය කළ සිංහ සමාජයේ නිලධාරින්, දහම් පාසැල් ආචාර්ය මණ්ඩලය හා විහාරාධිපති හිමියන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.