Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බෙන්තොට, බෝධිමලුව පදිංචි ඒ. ඩිෂාන් ඉරෝෂන් ප්‍රනාන්දු නමැති 19 හැවිරිදි තරුණයා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් දැනට කොළඹ ජාතික රෝහලේ අංක 44 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ රෝගය සුවපත් කිරීම සඳහා “ඒ, බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි විශේෂඥ වෛද්‍ය ජානක මුණසිංහ මහතා නිර්දේශ කර ඇතැයි එම තරුණයාගේ පියා පවසයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වත් අයෙක් වෙතොත් ඉදිරිපත් වන්නැයි ද ඒ මහතා කියයි. එම වර්ගයට අමතරව, “ඒ, බී, හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් වුවද මේ සඳහා ගැළපෙන බව වෛද්‍ය නිර්දේශය බව ද එසේ පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 0772064572 හෝ 0779953896 දුරකථන අංකවලට හෝ 0344936028 (බුද්ධදාස) අංකයට අමතනමෙන් ඒ මහතා ඉල්ලා සිටී. මීට අමතරව මේ රෝගී තරුණයාගේ අනෙකුත් වියදම් සඳහා මූල්‍යමය ආධාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අංක 10105 – 01 – 2952 – 6 දරන ගිණුමට බැර කරන මෙන් ද ඉල්ලා සිටිති.