Print this Article


පිංකම්

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේදී බක් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම බඹරැන්දේ වජිරනන්ද හිමි, 9 – 10.00 දහම්දෙසුම ආචාර්ය බුද්ධගයාවේ සිසිල චන්ද්‍ර හිමි, 10.15 – 11.00 භාවනා වැඩසටහන උඩමහුල්ලේ තාදී දසසිල් මෑණියන්, 11.00 - දහවල් බුද්ධ පූජාව පස්වරු 12.15 - ධම්ම පදයෙන් ගාථාවක් ද, 12.15 – 1.00 ධම්මචක්කපවත්තන සූත්‍රය සජ්ඣායනය ආරාමවාසී මෑණියන්වහන්සේලා විසිනි. 1.00 – 2.00 භාවනා වැඩසටහන බොරලැස්ගමුවේ තිස්සරණා දසසිල් මෑණියන් වහන්සේ - 2.15 – 3.00 ධර්ම දේශනාව අරැව්වල තිසරණී දසසිල් මෑණියන් විසිනි. 3.00 – 4.00 දහම් දෙසුම බිබිලේ ඥාණසන්ත හිමි 4.00 – 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී අතුරුගිරියේ ධම්ම විහාරී හිමි, සූත්‍ර සජ්ඣායනයෙන් පසු සිල් පවාරණය සිදු කෙරේ. 6.00 - මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඇරැව්වල තිසරණී දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි. මෙම පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මෑණියන්ගේ අනුග්‍රහයෙනි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පසළොස්වක පෝදා පොහොය පින්කම් පැවැත්වේ. එම වැඩසටහන හොරපාවිට ගුණසිරි, දෙහිගස්පේ සිරිවිමල, ගම්මැදගම චන්ද්‍රජෝති, කඹුරුපිටියේ විමල ධම්ම, බූකන්දයායේ අරියවංශ යන හිමිවරු පින්කම මෙහෙයවති. ආර්.ඩබ්.ඒ. ලක්ෂ්මන් රාජපක්ෂ ශූරීන්, ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන් දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන සම්මාන සභාපති දොස්තර එස්.පී. කුලරත්න මැතිතුමාගේ ගුණ සැමරුම.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්මා සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 8.00 – 8.30 ධර්ම දේශනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 8.30 – 9.00 ධර්ම දේශනාව වඳුරඹ ඤාණාලංකාර හිමි, 9.30 – 10.30 ජාතක කතා දේශනාව පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මහතා, 10.30 – 11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00 දහවල සම්බුද්ධ පූජාව, දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 බක් පුර පොහොය පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00 – 3.00 ගිහි දේශනය හෝමාගම ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 සුධර්මා කුළඟ, සමිතියේ සාකච්ඡාව, 4.00 – 4.30 ධර්ම දේශනාව ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 4.30 – 5.30 මහ පිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.30 ට සිල් පවාරණය සිදු කිරීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ

පුණ්‍යානුමෝදනාව, ධම්මා-යතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි. එදින බුදුසරණ පුවත්පත බෙදාදීමේ දායකත්වය ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෝදා පෙරවරු 6.00 - 7.00 - සීල සමාදානය සහ අනුශාසනය - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 7.00 - 7.30 - තෙරුවන් වන්දනාව 8.15 - 9.30 - භාවනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.30 - 11.00 - ධර්ම දේශනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 - 11.30 - තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 - 1.00 - සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත අළුත්වෙල ධම්මසති හිමි, 2.00 - 3.30 - ධර්ම සාකච්ඡාව - පිටකන්දේ ආනන්ද විමලකීර්ති මා හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මා හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති ගොම්බද්දල සමිත මා හිමි

මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත මාසික ධර්ම ග්‍රන්ථය උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහා විහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලවේ බක් පුන් පොහොය වැඩ සටහන අප්‍රේල් මස 21 වැනි පොහෝ දින දවස පුරා මහා විහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී කුඩාඇළගමුවේ ඥානසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරයි. මෙවර වැඩසටහන පහත දැක්වේ. පෙරවරු 6.00 - අටසිල් සමාදන් වීම, 6.30 - උදෑසන බුද්ධ පූජාව, 8.00 - ධර්ම දේශනාව - මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 9.15 - ගිහි දේශනාව - ආචාර්ය රවීන්ද්‍ර මුදලිගේ මැතිතුමා, 10.15 - දේශනයට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 - දහවල් බුද්ධ පූජාව, දහවල් 12.00 - ජාතක කතා දේශනාව, රාජකීය පණ්ඩිත අංකුමුරේ රේවත හිමි, පස්වරු 1.00 - ධර්ම දේශනාව පණ්ඩිත කරපික්කඩ සෝභිත හිමි, 2.00 - ධර්ම දේශනාව 2.45 - දම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති මැදමහනුවර ධම්මසිරි හිමි, ආචාර්ය කේ. එම්. අයි. ස්වර්ණසිංහ මැතිතුමා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 4.00 - භාවනා වැඩසටහන, මෙහෙයවීම පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 - බෝධි පූජාව, මෙහෙයවීම ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 5.55 - සිල් පවාරණය, 6.00 - නිමාව


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව, ගම්පහ පාසාදික හිමි, පෙරවරු 12.30 – 1.30 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 4.00 – 5.00 ගිහිදේශනය මනෝ වෛද්‍ය විශේෂඥ එස්. පුෂ්පකුමාර කඳපලආරච්චිගේ මහතා, 05.00 – 06.00 – ධර්මානුශාසනාව - සිරි වජිරාරාමවාසී ශාස්ත්‍රවේදී කුරුණෑගල චරණ ධම්ම හිමි. 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.


ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 – 6.00 අලුයම 5.30 ට කිරි ආහාර බුද්ධ පූජාව. බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝවිහි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි. 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව දික්වැල්ලේ උපතිස්ස හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 11.00- 11.30 ව්‍යාංජන තිස් දෙකක් සහිත බුද්ධ පූජාව, ශ්‍රී සම්බෝධී විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව ගම්පහ පාසාදික හිමි, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධීකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව දිවියාගහ යසස්සී නා හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව කොටියාගල සීවලී හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය ශ්‍රී සම්බෝධී විහාරවාසී මහරගම පදුම ස්වාමීන්ද්‍රයන් වහන්සේ.


බොරැල්ලේ ගෝතමී විහාරස්ථානය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ බක් පුන් පොහොය දින ශ්‍රී ගෝතමී විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30 උපෝසථ ශීිලයෙහි පිහිටුවීම සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව - ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 - භාවනාව මෙහෙයවීම කම්මටඨනාචාර්ය ජදුරේ සුනීත හිමි, 9.45 - බුදුසරණ පුවත්පත බෙදා දීම - හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 - ධර්ම දේශනාව - බෝසෙත දහම් නිකේතනාරාමාධිපති ත්‍රිපිටකවේදී පයින්ඩකුලවේ ධම්මසෝභන හිමි 11.00 - සම්බුද්ධ පූජාව - ගාතාරේ ප්‍රඥාසාර හිමි, පස්වරු 1.30 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත මුරුතවෙල සීවලී හිමි, 3.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි’, 4.30 - ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වෙරළුගොල්ලේ උදයනන්ද හිමි


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ බක්පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන උපාසිකා උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළදවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කලුතර වීරවර්ධනා රාමවාසි විචිත්‍රභානක ත්‍රිපිටක ධර්මවේදී පාතේගම සුමනතිලක හිමියන් විසින් විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. පෝදා බත්දන්සල කිරිවෙහෙර විහාරස්ථානය ප්‍රධාන වාසල් දොරටුව අබියස දාන ශාලාවේ පැවැත්වේ. සවස කිරිවෙහෙර විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵලබෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

කතරගම සමථ මණ්ඩලයේ පෝදා ඔසුපැන් දන්සැල චෛත්‍ය මළුව ඉදිරිපිට පැවැත්වේ. රාත්‍රී 7.00 කිරිවෙහෙර අටවිසි බෝමළුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාව අටවිසි බෝමලුවේදී පැවැත්වෙන අතර කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාව පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය ,විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේදී බක්පුර පසළොස්වක පෝදා පැවැත්වෙන සීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 6 – 6.30 ට සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ කෘත්‍යාධිකාරී රන්දිලිගම මහින්ද හිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9 – 10 දහම් දෙසුම වැලිගෙපොල සීලවංශ හිමි, 10 – 11 ධම්මපදයෙන් බිඳක් ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11 – 11.30 දිවා බුද්ධ පූජාව ගොඩපොලනන්ද හිමි, පස්වරු 2 – 3 වෛද්‍ය විද්‍යා දේශනය, 3 – 4 දහම් දෙසුම රක්කරව්වේ පේමානන්ද හිමි, 5 – 6 භාවනා වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6 – 7 ගිලන්පස බුද්ධ පූජාව මෙහෙයවීම ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත නා හිමි, 7 – 8 ධර්ම දේශනාව ලක්ෂපාන සංඝරතන හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී බක් පුර පසළොස්වක පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම ගම්පහ සිරි සීවලී හිමි, 7 – 15 – 8.15 භාවනාව මෙහෙයවීම ගම්පහ සිරිසීවලී හිමි, 8. 30 – 10 දහම් දෙසුම අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 10 – 11.30 දහම් දෙසුම පරෙයිගම චන්ද්‍රාලෝක හිමි, 1 – 2 සිරස වැඩසටහන, 2 – 3.15 ධර්ම සාකච්ඡාව ශේන් බ්ලොක් මහතා, 3.30 – 4.30 දහම් දෙසුම අස්ගිරි නව මහා නාහිමි, 4.45 – 6.30 දහම් දෙසුම කොබවක සීවලී හිමි, 6.45 – 7.45 බෝධි පූජාව (පානදුරේ අරියධම්ම හිමියන් විසින් පවත්වන ලද පටිගත කළ එකකි), 8 – 9 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදානය

සිරි වජිරඤාණ ධර්මායතනයේ බක් පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව ඕපනායක ධම්මවිරාග හිමි, අයගම විමල හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, මාතලේ සුමානිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හාපිටිගම විජිත නාහිමි, 3.00 – 3.45 ධර්ම දේශනය කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත වේපතඉර හේමාලෝක නාහිමි, 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

තරුණ සීල සමාදානය

බක් පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව බිබිලේ ඤාණසන්ත හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව හකුරුවෙල සිරිධම්ම හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභාණි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.


කුප්පියාවත්ත ජයශේඛාරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ බක් පුරපසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 ට උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරි මහින්ද නා හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන ශ්‍රී ජයශේඛරාරාමාවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී, ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී, ස්වාමීන්වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 – 3.15 ධර්මදේශනය රත්නපුර ධම්මවිලාසී හිමි, 3.30 – 4.30 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය කොළඹ 10 විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය බෝදාගම සුමනජෝති හිමි, 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ධර්ම දේශනය.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථනයෙහි බක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී බක් පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ.

පෝදා පෙරවරු 6.30, සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00, බුද්ධ පූජාව, 8.15, ධර්ම දේශනය වැලිමඩ ධම්මරතන හිමි, 9.15, ධර්ම දේශනය 10.30, බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15, ධර්ම දේශනය, 2.15, ධර්ම දේශනය, 4.00, ධර්ම දේශනය, 5.30, බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.30, සිල් පවාරණය.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

එම වැඩසටහන ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි හක්මණ සුමනසිරි, නාහංගොඩ සුධම්ම, කොලොන්නාවේ හේමසිරි, අපරැක්කේ ලංකානන්ද, විල්පිට සමිත යන හිමිවරු පින්කම මෙහෙයවති.