Print this Article


හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය – 2016

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය – 2016

හුණුපිටිය , ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2016 මැයි 21,22,23,24 හා 25 යන දිනයන්හිදී ගංගාරාම විහාරස්ථානය, අරලියගහ මන්දිරය, බේරේවැව වටරවුම් පාර හා බේරේ වැව ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එම බුද්ධ රශ්මි වෙසක් කලාපය සාර්ථක ලෙස සංවිධානය කරගැනීම සඳහා රැස්වීමක්, ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන්වහන්සේගේ හා ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සංවිධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පවත්වන ලදී.

එහිදී, පසුගිය වසරවල බුද්ධ රශ්මි වෙසක් කලාපය සාර්ථක ලෙස සංවිධානය කර ගැනීම සඳහා රාජ්‍ය හා පුද්ගලික ආයතන විසින් ලබාදුන් සහයෝගය ඉතා අගයකොට සලකන බවත්, මෙම වසරේදීද එම ආයතනවල සහයෝගය ලබා ගනිමින් වෙසක් කලාපය සාර්ථකව සංවිධානය කර ගැනීමට බලාපොරෙත්තු වන බවත්, ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ලදී.