Print this Article


දක්ෂතාවය හා හැකියාව නිවැරැදිව හඳුනාගත යුතුය

දක්ෂතාවය හා හැකියාව නිවැරැදිව හඳුනාගත යුතුය

තමන්ගේ දරුවන් කැමැති වන්නේත්, තමන්ගේ දරුවා බලාපොරොත්තු වන්නේ ත් කුමන දේවල්ද තම දරුවා තුළ තිබෙන දක්ෂතාවය හැකියාව කුමක්ද කියලා බොහෝ දෙමවිපියන්ට හඳුනාගන්නට ප්‍රමාද වෙනවා. පසුකාලීනව නිවැරැදිව වටහා ගනු ලැබුවද, ඒ අවස්ථාව වන විටත් දරුවා එය සඳහා කැප කළයුතු කාලය ඉක්මවා ගොස් අවසානයි. ඒ නිසා දරුවන් හදන වඩන දෙමවිපියන් දරුවන් පිළිබඳව තමන්ට සිතෙන සිතෙන කරුණු කරණා පිළිබදව තීරණ ගැනීම සුදුසු නැත.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාරස්ථානයෙහි වැඩ වසන සමයෙහි එක්තරා රන් කරුවකු ජීවත් වූ අතර ඔහු රත්තරං වැඩ කටයුතු කරන නිසා ආර්ථිකමය වශයෙන් බෙහෙවින් ශක්තිමත් ව කාලය ගත කළා.

බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයෙහි ධර්මය දේශනා කිරීමට වැඩම කර ධර්මය දේශනා කරමින් වැඩසිටි ධර්ම සභා මණ්ඩපයට පැමිණි රන්කරුවාගේ පුත්‍රයාද ධර්මය ශ්‍රවණය කරනු ලැබුවා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය හොඳ බව ධර්මය ශ්‍රවණය කරමින් සිටි රන් කරුවාගේ පුත්‍රයාට වැටහුණා. එම සිතිවිල්ලත් සමඟම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගෝලයකු ලෙස පැවිදි දිවිය ආරම්භ කළා. මේ ආකාරයෙන් පැවිදි වූ තරුණයා භික්ෂූන් වහන්සේ නමක් ලෙස බණ භාවනා කරමින් වෙහෙර විහාරය තුළ ආගමික වතාවත් කරමින් තමන්ගේ ජීව්තය අධ්‍යාත්මික පැත්තට නැඹුරු කරගැනීමට උත්සාහ ගත්හ.

ආගම්ක වතාවත් කිරීම තුළින් ජීවිතය එක පැත්තකින් සම්පූර්ණ වන විට බණ භාවනා කිරීම තුළින් ජීවිතයේ ්අනෙක් පැත්ත සම්පූර්ණ කරගනු ලැබුවා. මෙම භික්ෂුන් වහන්සේ කාලයක් තුළ සිටම මෙම කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගෙන යන අතර තුර ඥාතිත්වයට සමීප වන නෑකමින් නෑනා බවට පත්වුණ වෙනත් තරුණියක් පන්සලට එන්න යන්න පටන් ගත් නිසාම පසුකාලීනව මෙම දෙදෙනා අතර ඇතිවුුන සම්බන්ධතාවය නිසා මහණ දම් පුරමින් සිටි ස්වාමීන් වහන්සේ මහණ දම් පිරීම පිළිබඳව කළකිරීමට පත්වුණා. ඉන් පසු සිවුර අතහැර උපැවිදිව තරුණියගේ නිවසට පැමිණිලා දෙමාපියන්ගේ ආශිර්වාද ඇතිව විවාහයට පත්ව විවාහ ජීවිතය ගත කරගෙන ගියා.

උපැවිදි වුණ මෙම තරුණයා ගිහියකු ලෙස ජීවත්වීමෙදීත්, ගිහියකු ලෙස ජීවත් වෙන්නට යාමෙදීත් තමන් ළඟ තිබුණ කම්මැළිකම අලසකම පෙන්නුම් කරන්න පටන් ගත්තා. මෙම කම්මැළියත් සමඟ තමන්ගේ දියණිය විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද යනුවෙන් වැඩි හිටියන් සිතන්න පටන්ගත්තා. මෙලෙස කාලය ගතවීමත් සමඟම මොහුගේ කම්මැළිකම අලසකම උටිඨාන වීර්යයක් නැතිකම තුළින් මොහුගේ එම ගතිගුණ වැඩි වීමට පටන් ගත්තා මිස අඩුකර ගන්නා ක්‍රමයක් තේරුම් කරගනු ලැබුවේ නැහැ. ඒ නිසාම එම දෙමාපියන් එම තරුණයා අතහැර දැමුවා .

ඒ වගේම එම තරුණයාට පෙම් බැන්ඳ දියණියත් එම තරුණයා අතහැර දැමුවා. මේ මිනිහත් සමඟ විවාහයක් ගතකරන්න බැහැ. ඔහු හරිම කම්මැළි අයෙක්. අලස කෙනෙක් නේද කියලා කාලයක් ගතවීමත් සමඟ බිරිඳද ඔහු හැර ගියා. නැවත වතාවක් එම තරුණයා මහා කාශ්‍යප හාමුදුරුවන් සමීපයට ගොස් නැවත වතාවක් පැවිදි වුණා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ලෝකය දෙස බලන විට බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය ඤාණයට මෙම ස්වාමීන් වහන්සේද හසු වුුණා.

එම තරුණයා මහ රහත් වීමේ කුසල කර්ම රැස්කරගෙන තිබෙන බව බුදුරජාණන් වහන්සේ වටහා ගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ සමීපයට වැඩම කර යමි යම් කරුණු කාරණා පැහැදිළි කර දෙනු ලැබුවා. ගිිහි ජීවිතය හා අධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගත යුතු ආකාරය පැහැදිළි කර වදාළා. බුදුපියාණන් වහන්සේගෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කළාවූ එම ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත්වුණා. එම සිදුවීම අධ්‍යයනය කරගෙන යන විට හෝ එම සිදුවීම ශ්‍රවණය කරගෙන යන විට ගිහි ජීවිතය තුළ කම්මැළිකමෙන් පිරුණ මේ පුද්ගලයා මහ රහත් බවට පත්වුණේ කොහොමද කියලා යමෙකුට සිතන්නට පුළුවන් .

සෑම මනුෂ්‍යකුටම උප්පත්තියෙන් රැගෙන එන කිසියම් දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා. ඔහු එම දක්ෂතාවය හැකියාව නිවැරැදිව හඳුනා ගත යුතුයි. අපට බොහෝ අවස්ථාවල වරදින්නෙත් එය නිවැරැදිව තේරුම් බේරුම් කරගන්නේ නැතිකමින් . තමන් අදක්ෂ තැන්වලට යොමු වීම තුළින් අසමත් වෙනවා. බොහෝ වැඩි හිටියන්ට සිදුවන කාරණාවත් මෙයම තමයි. තමන්ගේ දරුවන් කැමැති වන්නේත්, තමන්ගේ දරුවා බලාපොරොත්තු වන්නේත් කුමන දේවල්ද තම දරුවා තුළ තිබෙන දක්ෂතාවය හැකියාව කුමක්ද කියලා බොහෝ දෙමවිපියන්ට හඳුනාගන්නට ප්‍රමාද වෙනවා. පසුකාලීනව නිවැරැදිව වටහා ගනු ලැබුවද, ඒ අවස්ථාව වන විටත් දරුවා එය සඳහා කැප කළයුතු කාලය ඉක්මවා ගොස් අවසානයි. ඒ නිසා දරුවන් හදන වඩන දෙමවිපියන් දරුවන් පිළිබඳව තමන්ට සිතෙන සිතෙන කරුණු කරණා පිළිබදව තීරණ ගැනීම සුදුසු නැති බව මෙම කතාව තුළින් අපගේ ජීවිතයට ගතු යුතු ආදර්ශයයි.

ඒ වගේම ඒ ඒ අයගේ දක්ෂතාවයන් හැකියාවන් මනාව හඳුනා ගැනීමේ හැකිියාවක් බුදුරජාණන් වහනසේ සතුව පැවතුණා. බුදුරජාණන් වහන්සේගේ ගත යුතු අනෙක් කාරණාව වනුයේ යමෙකුගේ දක්ෂතාවයන් මැනවින් හඳුනාගැනීමේ හැකියාවයි. තමා සතුව තියෙනවාද නැද්ද කියන කාරණාව . එම නිසා මෙම කාරණාවන් අපගේ ජීවිතවලට යහපත් පාඩමක් උගන්වන බව අප විසින් පැහැදිළි කර ගත යුතුයි.