Print this Article


නිවන් දැකීමට නම් වෘත අතහැරිය යුතුයි

නිවන් දැකීමට නම් වෘත අතහැරිය යුතුයි

ස්වභාවිකව සිදුවන ක්‍රියාවලිය වන හුස්ම ඇතුළු වනවා සහ හුස්ම පිට වනවාය යනුවෙන් එම දෙයම සිහිනුවණින් යුතුව කළබල නොවී, කෘත්‍රීම උත්සාහයක් දැරීමකින් තොරව එය පිළිබඳවම බලාගෙන සිටීම සහ එය සිහිනුවණින් දැකීම භාවනාවයි .

මෙහි තවත් කොටසක් මැදින් අමාවක (අප්‍රේල් 07) පත්‍රයේ පළ විය

“අනිත්‍යයයි” යන වචනය කටින් කියවෙන විට කට කී සැරයක් කැඩිල සැකසෙනවද “අ” යන්න කියන්න පටන් ගන්න කටින් නොවෙයි “අනිත්‍යයයි ”කියලා අවසන් වන විට පවතින්නේ “අනිත්‍යය” කියල කියන්න පටන් ගන්නා විට “අ” කියන්න දිව “අනිත්‍යයයි” කියලා අවසන් වන විට නොපවතී එතරම් වේගයෙන් වෙනස් වෙනවා. ලෝකයේ වේගයෙන්ම වෙනස්වන භෞතික දෙයක උපරිම ෙවිගය වඩා වැඩි වේගයකින් විඤ්ඤාණ කොටස වෙනස් වේ.

වේදනා සංඥා, සංස්ඛාර විඤ්ඤාණ යන නාම කොටස් සිතට අයත් වන ඒවා නිසාම මෙම ච්ත්තය ලෝකය තුළ වේගවත්ව පවතී.

නාහං භික්ඛවේ ඒක ධම්මංපි සමනුපස්සා යථඉධං භික්ඛවේ ච්ත්තං යනුවෙන් බුදු පියාණන් වහන්සේ වදාරා ඇත.

මහණෙනි, මේ ලෝකය තුළ සිත තරම් බලවත් වෙන කිසිදු ධර්මයක් මා දකින්නේ නැත. වේගවත් බව අතින්, අනාත්මතාව අතින්, ආලෝකයේ ෙවිගයට වඩා වැඩි ෙවිගයකින් සිතෙහි වේගය වැඩිය.එක සිතකට තිබෙන උපරිම ආයුෂ කාලය චිත්තක්ෂණ 1 ක් වෙයි. භෞතික දෙයකට තිබෙන ආයුෂ කාලය චිත්තක්ෂණ 17 ක් වුවද, එක සිතකට තිබෙන ූඋපරිම ආයුෂ කාලය චිත්තක්ෂණ 1ක් වන බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.

මහණෙනි , ඔබලාට යමි දෙයක් පිළිබඳව නිත්‍යයයි කියලා සිතන්න අවශ්‍යම නම්, කය පිළිබඳව සිතුවාට ප්‍රශ්නයක් නැහැ. එහි චිත්තක්ෂණ 17 ක් හෝ තිබෙන නිසා. මේ සිත පිළිබඳව නම් ඔබලා සිතන්න එපා. සිත නිත්‍ය බව සිතන්න එපා. සිතක් පවතින්නේ චිත්තක්ෂණ 01ක් වන නිසාත් කුඩා චිත්තක්ෂණ 3ක් වන නිසාත් උප්පාධ ඨිති භංග කුඩා ච්ත්තක්ෂණ තුනයි. මහ චිත්තක්ෂණ 1 ක් වෙයි. යනුවෙන් බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරා ඇත.

එම ස්කන්ධ පහ තුළ ඉහත සදහන් කරනු ලැබූවාවූ ආත්මයක් නොමැති බව ඔබ වටහා ගෙන ඇති. රූපය තුළ හෝ ෙවිදනා තුළ හෝ සංඥා තුළ හෝ විඤ්ඤාණ තුළ හෝ එය ස්ථිර කර ගනිමින්ම එය ඇසුරු කර ගනිමින්ම එය කෙරෙහිම එහි ඇතුළතම පවතිනවා යැයි බුදුපියාණන් වහන්සේ දේශනා කරනු නොලැබුවේ ඒවා අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යන හේතුව නිසයි. උපරිම විචක්ෂණ 1 ක් නිසාත් එතනින් එහාට දෙවන විත්තක්ෂණයක් කරා සිත ගමන් කරන්නේ නැති බව වදාරා ඇත. රූපයක් පවතින්නේ උපරිම චිත්තක්ෂණ 17 ක් වන අතර එතනින් එහාට ගමන් කරන්නේ නැත. එය වෙනස් වන නිසා අනාත්ම වෙයි. එම පඨවි ධාතුව වෙනස් වෙන බව අප අවබෝධ කොට ගත යුතුයි.

භාවනා කරන පිරිසටත් ච්න්තාමය ප්‍රඥාව පවතී. ඒ පිරිස ඒ පළිබඳව සිතනු ලබයි. මම දැන් අවිදිනවා, ඇවිදිනවා, ඇවිදිනවා. එක හුස්මක් වැටෙනවා, හුස්මක් වැටෙනවා, හුස්මක් වැටෙනවා . යනුවෙන් ඒ පිළිබඳවම සිතනු ලබයි. හුස්ම පිළිබඳව සිත සිත සිටින විට ච්න්තාමය ප්‍රඥාව වැඩෙයි.

ස්වභාවිකව සිදුවන ක්‍රියාවලිය වන හුස්ම ඇතුළු වනවා සහ හුස්ම පිට වනවාය යනුවෙන් එම දෙයම සිහිනුවණි්න් යුතුව කළබල නොවී, කෘත්‍රීම උත්සාහයක් දැරීමකින් තොරව එය පිළිබඳවම බලාගෙන සිටීම සහ එය සිහිනුවණින් දැකීම භාවනාවයි .සක්මන් භාවනාව යනු ඇවිදීම පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම නොෙවි. සක්මන් භාවනා කරන පිරිස සාමාන්‍ය ආකාරයට ඇවිදීමකින් තොරව විශේෂ ආකාරයට ඇවිදීම කරයි. එක කකුලක් උස්සා තබන විට නැවතත් අනෙක් කකුල බිම තබයි. ඒ පිළිබඳව සිත සිත එය සිදුකරනු ලබයි. භාවනා කරන විට කරනු ලබන ඇවිදින ක්‍රමයට ලෝකයේ කිසිවකුත් ඇවිදින්නේ නැත. ලෝකයේ සාමාන්‍ය මිනිසුන් ඇවිදින විට ඒ පිළිබඳව සිහියෙන් සිිටිය යුතු බව බුදුහිමියන් පෙන්වා දෙයි.

තමන් ගමන් කරන සාමාන්‍ය ක්‍රමයට අනුව ගමන් කරමින් ඒ පිළිබඳව සිහිනුවණින් සිටීම භාවනාව වෙයි . භාවනා කරනවා යනුවෙන් අප කරනු ලබන්නේ චිත්තය දියුණු කිරීමයි. සිතීම දියුණු කිරීම තුළින් දැනුම වැඩිකර ගනී විදර්ශනා භාවනාමය ප්‍රඥාව යනු යෝනිසෝ මනසිකාරයි. රූපය හටගත්ත ක්ෂණයෙහි සිට රූපය නැතිවන ක්ෂණය දක්වා සිහි නුවණින් දකිමින් ඔහු රූපය පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිටිනු ලබයි එනිසා ඔහු රූපය අනිත්‍ය ලෙස දකියි අපගේ රූපය අනිත්‍ය බව වැටහීමට පටන් ගනු ලබන්නේත් අවුරුදු 60 ක් පමණ ගතවෙලා ශරීරය රුලි වැටී ගිය විටයි. එක ක්ෂණයක් තුළදී එම කය ලක්ෂ කෝටි වාරයක් කැඩී කැඩී සකස් වන බවත් වෙනස් වන බවත් සිහියට ගත යුතුයි. එක විනාඩියක් ගත වනවාය යනු ලක්ෂ කෝටි වාරයක් කැඩී කැඩී නැවත සැකසෙයි.

මෙම ශරීරය සැම විටම කැඩී කැඩී සැකසෙන අතර එය බැලු බැල්මට නොපෙනුණත් එම ක්‍රියාවලිය දීර්ඝවම සිදුවෙයි. ඔබගේ රූප ස්කන්ධය, ෙවිදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කසන්ධය යන ස්කන්ධ ධර්මයන් පහ පිළිබඳව ආත්මීය වශයෙන් උපාදානයක් ඇතිකරගැනීමෙන් වැළකිය යුතු බවට බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත. එය මගේය, මම මගේය ආත්මය ලෙස නොගත යුතුයි රූපය තුළ අන්තර්ගතව ඇති පඨවි ආපෝ, තේජෝ , වායෝ යන කොටස් පිළිබඳව බැලුු විට මමත්වයක් එය තුළ නොපවතී. පඨවි කොටස් පිළිබඳව බැලූබැල්මට මගේකමත් මමත්වයත් නැත.

යම් වෛද්‍යවරයකු ශරීර අවයවයක් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කරනු ලැබුව හොත් පඨව් කොටස පිළීබඳව වෙනදා නොතිබුණ තණ්හාවක් ඇතිවෙයි. මට එය නැතිව ජීව්ත් විය නොහැකිය. මගේ ආත්මය පවතින්නේ පඨවි තුළයි. කකුල කපලා ජීවත් වන්නේ කොහොමද කකුලක් නැතිව සිටිය හැකිද පුංච් කාලය තුළ සිට තිබුණ මගේ කකුල නැතිව මම ජීවත් වන්නෙ කොහොමද

බැලූ බැල්මට රූපය පිළිබඳව අප තුළ විශාල ඇල්මක් නැතිවුවාට පඨවි ධාතුව පිළිබඳව අප තුළ ඇල්මක් පවතින බව මතක තබාගත යුතුයි. කි‍්‍රඩකයන් තුළ, නළු නිළි්ියන් තුළ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන්නන් තුළ, රූපය සඳහා වැඩි වශයෙන්උපාදානයක් පවතී. රූපය තුළ ආත්මය පවතිනවා යැයි සිතමින් රූපයට සැලකිලි සංග්‍රහ කරන ප්‍රමාණය සීමාව ඉක්මවා කරනු ලබයි. වේදනාව පිළිබඳව වැඩි පුරම සක්කාය දිටිඨිය ඇතිකර ගනු ලබන්නේ කලා කරුවන් තුළයි. මිනිසුන්ගේ දුක,මිනිසුන්ගේ හෘදය රිද්ම, මිනිසුන්ගේ හදවත ගැහෙන රාවය අපට වැටහෙනවා, මිනිසුන්ගේ හැඟීම අපට වැටහෙනවා. අප හරිම සංවේදී පිරිිසක් යනුවෙන් කලාකරුවන් තුළ ෙවිදනා ස්කන්ධය තුළින් සක්කාය දිටිඨිය පැමිණෙයි.

මෙහි ඉතිරි කොටස බක් පුර පසළොස්වක (21) පෝදා පත්‍රයේ පළ වේ.