Print this Article


රද්දොළුව අභිනවාරාමයේදී පින්කම් මාලාවක්

රද්දොළුව අභිනවාරාමයේදී පින්කම් මාලාවක්

සීදුව, රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශී‍්‍ර ධම්මානන්ද දහම් පාසලේ සංවිධානයෙන් ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ධුරන්දරව වැඩ විසූ රාජකීය පණ්ඩිත ගලගම අත්ථදස්සි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී මසක් ගතවීමත් , හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන් අභාවප්‍රාප්ත වී වසර 08 ක් සපිරීම නිමිත්තෙන් එතුමන්ටද පින්අනුමෝදන් කිරීම සඳහා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට, අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රධාන ලක් රජයටත්, ත්‍රිවිධ හමුදා, පොලිස් , සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ලක්වැසි සැමට ආශිර්වාද කිරීම සඳහාත් විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජාව සහිත බෝධිපූජා පින්කම් මාලාව අපේ‍්‍රල් මස 09 වෙනි සෙනසුරාදා පස්වරු 6.00 ට රද්දොළුව අභිනවාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.