Print this Article


කතරගම අවුරුදු මංගල්‍යය පෙරහර 14 වනදා

කතරගම අවුරුදු මංගල්‍යය පෙරහර 14 වනදා

ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍යය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රි පැවැත්වේ.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල්තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම්වලින් ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර අයුරින් පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කටයුතු සංවිධනය කර ඇත.

එදින රාත්‍රී කතරගම මහා දේවාලයේ ඇරඹෙන දේව පෙරහර ගණ දේවාලය , කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධින් වහන්සේ ප්‍රදක්ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහා වීදියට පිවිසේ.

එම වීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් පෙරහර ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ.

එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර පෙරහර යළිත් එම වීදියේම ගමන්කර මහා දේවාලයට ගෙවදීම සිදු කෙරේ.