Print this Article


කටුපොතාන ගම්මානයට නව ආලෝකයක්

කටුපොතාන ගම්මානයට නව ආලෝකයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 27 කොක්මඩුව ග්‍රාමසේවා වසමට අයත් කෙත්යායක් වැවක් මායිමේ පිහිටා ඇති කටුපොතාන ගම අති සුන්දර ගමක්ය. ගම්වැසියන් පුරාණ විහාරය වෙනුවට දහසක් දෙවිදේවතාවරුන්ගේ රැකවරණයෙන් නිබඳ රැකවරණය ලබන වසර දෙසීයකට වඩා පැරණි නුග වෘක්ෂයකින් සමන්විත ස්ථානයේ නිග්‍රෝධාරාමය නමින් විහාරස්ථානයක් පිහිටුවිය. එහිද සියලු කාර්යන් ඉටුකර ගැනීම උදෙසා අඩුපාඩු රාශියක් ඇත. ගරා වැටී ඇති විහාර මන්දිරය බෝධිමළුව හා ධර්ම ශාලාව අලුත්වැඩියා කළ යුතුව ඇති අතර චෛත්‍යයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇත.

මානෑවේ විමලරතන හිමියන්ගේත් උතුරුතලංගම චන්ද්‍රසිරි, හිමියන්ගේත්, මග පෙන්වීම යටතේ යසෝධරා කුළඟන සමිතියද පිහිටුවන ලදී.

එම නිලධාරි මණ්ඩලය මෙසේය.

ඉදිරි පෙළ එන්.එම්. චන්ද්‍රිකා පොඩි මැණිකේ (සභාපති) ඒ.එම්.සී. කුමාරි බණ්ඩාර (ලේකම්) එම්.ඒ. කුසුමාවතී (භාණ්ඩාගාරික) එම්. අයේෂා පුෂ්ප කුමාරි , බී.එම්, මාලනි ස්වර්ණලතා ,පී.එම්. ජයවතී. පී.එම්.පේමලතා,

පසුපෙළ එස්.එම්. නයනා කුමාරි, එස්.ඩබ්ලිව්. ස්වර්ණා පද්මාවතී, එල්.ජී. සුසිලා රංජනී, අයි.එල්. රංඑතනා, එච්.එම්. නිර්මලා මල්කාන්ති , ජේ.එම්. යසවතී මැණිකේ , පී.එම්. අනුරාධා නිරෝෂණී, එච්.එම්. ඉන්ද්‍රානි බණ්ඩාර, පී.එම්. සුනීතා මාලනී. ජේ.ඒ. එම්. ස්වර්ණලතා