Print this Article


සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන “සිංහල අලුත් අවුරුදු සති පිරිත් පිංකම “ 84 වන වරටත් 2016 අපේ‍්‍රල් 02 වන බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 ට ආරම්භ කෙරිණි.

උදේ 6.00 ට, සවස 3.00 ද සහ රාත්‍රි 8.00 ට මහ පිරිත් දේශනා පැවැත්වේ. දේවදූත පෙරහැර අපේ‍්‍රල් 9 වැනි දින සවස 4.00 ට ආරම්භ කෙරේ. “දොරකඩ අස්න” සහ ‘අනුශාසනාව ‘ අපේ‍්‍රල් 09 වැනි දින රාත්‍රී පැවැත්වේ. දිනපතා රාත්‍රී 6.30 ට කේශ ධාතු පූජාව සහ අටවිසි බුද්ධ පුජාමය පින්කම් හා දේව පූජාවත්, අපේ‍්‍රල් 10 වැනි දින දහවල් “ “දේවාල මහා දානයත්” පැවැත්වේ.

තමන් පාවිච්චියට ගන්නා තෙල් බෙහෙත් වර්ග, යන්ත්‍ර ආදි දේ තම නම ලිපිනය ලියා පිරිතට තැබීම සඳහා කල්වේලා ඇතිව විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන මෙන් කාරුණිකව සිහිපත් කරමු.

ගංගාරාම විහාරස්ථානය
61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02
දුරකථන 2327084,2435169