Print this Article


බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

රත්නපුර හිදැල්ලන වීරගොඩ ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා ( 22 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබා ගත්තේ ය.

අනතුරුව අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණයට එක්විය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, ඇමැතිනි තලතා අතුකෝරළ, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහත්ම මහත්මීන් ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් ද එම අවස්ථාවට එක් විය.