Print this Article


ධර්මශාලා මන්දිරය විවෘත කිරීම හා ගුණානුස්මරණ පින්කම් මාලාවක්

ධර්මශාලා මන්දිරය විවෘත කිරීම හා ගුණානුස්මරණ පින්කම් මාලාවක්

පොතුහැර, මහපිටිය, දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ අභිනව ධර්මශාලා මන්දිරය අප්‍රේල් 02 වන දින පස්වරුවේදී පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ හා පැවිදි හා ගිහි මැති ඇමැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිත අතර පස්වරු 3.00 ට විශේෂ උත්සව සභාවක් පවත්වා ඉන් අනතුරුව එදින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමා වසර 12 කට පෙර අපවත් වී වදාළ වැහැර විමලසාරාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා දෙගල්ලස්සේගෙදර පුරාණ විහාරස්ථානයේ සිට අපවත්වී වදාළ වළකුඹුරේ සීලවිමල හිමියන් ප්‍රධාන මියපරලොව ගිය සියලු දායක දායිකා පිරිසට පින් අනුමෝදන් කිරීමටත් සැත්තෑපස්වන වියට සපැමිණි නාරම්පනාවේ පඤ්ඤාසාර නාහිමියන් ඇතුළු සැමට සෙත් පතා මෙම පින්කම් මාලාව නිමාකිරීමට දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරාධිපති හා පොල්ගහවෙල විද්‍යාර්ථෝදය මහ පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සියලු කටයුතු සංවිධානය කර ඇත.