Print this Article


අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය

අභ්‍යාස අංක – 01

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.

1. බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව එක් එක් වර්ණයට හිමි ස්වධර්ම පිළිබඳ සඳහන් වන ග්‍රන්ථය නම්,

1. සෘග් වේදය
2. භගවත් ගීතාවය
3. මනුස් මෘතිය
4. අථර්වන් වේදය
5. අසිරිමත් ඉන්දියාව

2. බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් පුද්ගලයාගේ ජීවිතය ආශ්‍රම ධර්ම නමින් අවධි හතරකට බෙදා දක්වා ඇත. ගෘහස්ථ අවධියේදී සම්පූර්ණ කළයුතු කාර්යය වන්නේ මින් කුමක්ද

1. ගෘහ ජීවිතය අතහැර බ්‍රහ්මචාරීව විසීමය.
2. බ්‍රහ්මචාරීව නිසි අධ්‍යාපනය ලබා ගැනීමය.
3. දිවි ඇතිතාක් බ්‍රහ්මචාරීව විසීමය.
4. බ්‍රහ්මචාරී දිවියෙන් මිදී විවාහ ජීවිතයක් ගත කිරීමය.
5. සන්‍යාසිකයෙකු ලෙස බ්‍රහ්මචාරීව විසීමය.

3. මව්කුස පිළිසිඳගත් දරුවා බිහිවන අවස්ථාවේදී ඒ දරුවාගේ ආරක්ෂාව සඳහා කළ යුතු ශාන්තිකර්ම ආදිය කිරීම බමුණන් දක්වා ඇත්තේ,

1. ගර්භදාන සංස්කාර නමින්ය.
2. ප්‍රසංසවන සංස්කාර නමින්ය.
3. සීමන් තෝන්නයන සංස්කාර නමින්ය.
4. ජාත කර්ම සංස්කාර නමින්ය.
5. උපනයන කර්ම සංස්කාර නමින්ය.

4. දේශපාලනික වශයෙන් මෙන්ම අධිකරණ ක්‍රියාදාමය යටතේ විනිශ්චයේදී කවුරුන් වරදකරුවත් වුවත් වරදට දඬුවම් දීමේ දී කුලය වැදගත් නොවන බව මධුර සූත්‍රයෙන් බුදුරදුන් වදාළහ. ඉහත ප්‍රකාශය අදාළ වන්නේ,

1. ඓතිහාසික සාධකයටය.
2. මනෝ විද්‍යාත්මක සාධකයකටය.
3. නෛතික සාධකයකටය.
4. සමාජ විද්‍යාත්මක සාධකයකටය.
5. ආර්ථික විද්‍යාත්මක සාධකයකයටය.

5. බුදුරජාණන් වහන්සේ සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ රජතුමා වශයෙන් සඳහන් වන්නේ,

1. බිම්බිසාර රජතුමාය
2. අජාසත් රජතුමාය
3. පසේනදී කොසොල් රජතුමාය
4. උදේනි රජතුමාය
5. කණිෂ්ක රජතුමාය

6. ප්‍රජාතාන්ත්‍රික සමාජ ගිවිසුම් වාදය ඉදිරිපත් කළේ මින් කවරෙක්ද

1. මක්කලී ගෝසාලය
2. ජෝන් ලොක්ය
3. කාල් මාක්සි ය
4. කොන් පියුසිස්ය
5. මන්මතනාත් ශාස්ත්‍රීය

7. භාවනා කිරීම තුළින් සතෝරිය හෙවත් මනෝ විඤ්ඤාණය ලබා ගත හැකිය යන සංකල්පය දක්නට ලැබෙන්නේ මින් කුමන දහමකද

1. සෙන් දහමෙහි ය
2. මහායාන දහමෙහිය
3. ආජීවක දහමෙහිය.
4. ජෛන දහමෙහිය
5. කොන්ෆියුසිස් දහමෙහිය

8. ලොව ඇති තතු යථා පරිදි අවබෝධ කරගත් ශාස්තෘවරයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ලොව විශාරද උගතුන් අතර කීර්තිමත් වූහ. උන්වහන්සේගේ මේ උත්තරීතර ගුණය හඳුන්වන්නේ,

1. මහා කරුණා ගුණය නමිනි
2. මහා ප්‍රඥා ගුණය නමිනි
3. තාදී ගුණය නමිනි
4. සත්ථාදේව මනුස්සානං ගුණය නමිනි.
5. පුරිස දම්ම සාරථි ගුණයයි.

9. බුදුරජාණන් වහන්සේ තරම් ගුණවර්ණනාවලට ලක්වූ තවත් කෙනෙක් ලොව නොවූහ. මෙවැනි අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ උතුම් වූයේ නැත. මින් ප්‍රකට කෙරෙන උතුම් ගුණය වශයෙන් සඳහන් වන්නේ,

1. මහා කරුණා ගුණයයි
2. සත්ථා ගුණයයි
3. තාදී ගුණයයි
4. අරහං ගුණයයි
5. පුරිස දම්ම සාරථී ගුණයයි

10. බෞද්ධ භික්ෂු සමාජය බරණැස ඉසිපතනයෙන් ආරම්භ වූයේ ඒහි භික්ඛු පැවිදි උපසම්පදාව ලබාදීමෙන්ය. පසුව මෙම උපසම්පදාව විකාශය වී එය අට ආකාරයකට ලබාදෙන ලදී. මින් ඤත්ති චතුත්ථ උපසම්පදාව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද

1. දූතයෙක් මඟින් ලබාදුන් උපසම්පදාවයි.
2. ප්‍රශ්න ඇසීමෙන් ලබාදුන් උපසම්පදාවයි.
3. සරණ යැවීමෙන් ලබාදුන් උපසම්පදාවයි.
4. ඉල්ලා සිටීමෙන් පසු ලබාදුන් උපසම්පදාවයි.
5. අවවාද ලබාදීමෙන් ලබාදුන් උපසම්පදාවයි.

11. පුද්ගල ස්වාමීත්වය තහවුරු කිරීමට බුද්ධ කාලීන සමාජයේ විසූ විවිධ ආගමික කොට්ඨාසයන් ඉදිරිපත් කළ ඉගැන්වීම් අතුරින් නිවැරැදි මතය වන්නේ මින් කුමක්ද

1. පුද්ගලයා මහා බ්‍රහ්මයාගේ පරමාත්මයට අයත් වන බවය.
2. ස්වාමිත්වය ලබා ගැනීම සඳහා නිශ්චිත යාග හෝම කළ යුතු බවය.
3. අනිවාර්යයෙන් ආශ්‍රම ධර්ම සම්පූර්ණ කළ යුතු බවය.
4. සියලු ආගමික ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ යුතු බවය.
5. නිදහසේ සිතාමතා නිවැරැදි කටයුතු කළ යුතු බවය.

12. සමූහාණ්ඩු පාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය මින් කුමක්ද

1. දස රාජ ධර්ම අනුගමනය කිරීම.
2. සප්ත අපරිහානිය ධර්ම අනුගමනය කිරීම.
3. දස කුසල් අනුගමනය කිරීම.
4. දස සක්විතිවත් අනුගමනය කිරීමය.
5. පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමය.

13. තමන් හිංසාවට ලක්වීමට කැමැති නම් අනුන්ටද හිංසා නොකළයුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්තිය හඳුන්වන්නේ කිනම් නමකින්ද

1. අත්තුක්කංසනය නමිනි.
2. ත්‍රිකෝටික පාර්ශුද්ධ ශීලය නමිනි.
3. අත්තුපනායික ධර්ම පරියාය නමිනි.
4. සතර සංග්‍රහ වස්තු නමිනි.
5. පංචශීල ප්‍රතිපදාව නමිනි.

14. අන්‍ය ආගම් මඟින් පීඩාවට පත් භාරත වනිතාව බුදුදහමින් මානසික සුවය ලබා පැවිදි වන්නට උත්සාහ දැරුවාය. ඇය මුලින්ම පැවිද්ද ඉල්ලා සිටියේ බුදුරදුන් කිනම් ස්ථානයක වැඩ සිටියදීද

1. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටියදී
2. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේදී වැඩ සිටියදී
3. කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටියදී
4. බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිටියදී
5. රජගහනුවර වේලුවනාරාමයේ වැඩ සිටියදී

15. නිගණ්ඨනාතපුත්ත ජෛන මහා වීර ශාස්තෘවරයාගේ පියා විශාලාවේ කොණ්ඩඤ්ඤපුත්ත වන අතර මව ත්‍රිශාලා දේවියයි. බුද්ධිමත් දරුවකු වූ මහාවීර කුමර කල අධ්‍යාපනය ලබා ලෝකයට අනිත්‍යතාවය පිළිබඳ කළකිරීම නිසා ගිහිගෙය අතහැර අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ,

1. අවුරුදු විසි හතරදීය.
2. අවුරුදු විසි පහේදීය.
3. අවුරුදු විසි නවයේදීය.
4. අවුරුදු විසි අටේදීය.
5. අවුරුදු තිහේදීය.

1 අභ්‍යාසය

පිළිතුරු

1 – 3
2 – 4
3 – 4
4 – 3
5 – 3
6 – 2
7 – 1
8 – 3
9 – 4
10 – 2
11 – 1
12 – 2
13 – 3
14 – 3
15 – 5