Print this Article


පන්නිල ආනන්ද නාහිමියන්ගෙන් සමාජ සද්කාරයක්

පන්නිල ආනන්ද නාහිමියන්ගෙන් සමාජ සද්කාරයක්

ත්‍රිකුණාමලය මොරවැව ඛීප්පන්කුලම ශ්‍රී ශාක්‍යසිංහාරාමයේදී අත්තනගල්ල රජ මහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අනුග්‍රහයෙන් ඉකුත්දා (13) ආදර්ශමත් පින්කමක් සිදු කැරිණි. මොරවැව ග්‍රාමයේ වෙසෙන සියලු නිවාසවාසීන් වෙත වියළි ආහාර ඇතුළත් පෝෂණ මල්ලක් සහ රෙදිපිළිද පිරිනැමිණි. නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සහායෙන් සිදු කැරුණු එම පින්කමේදී ශාක්‍යසිංහාරාමයට අවශ්‍ය ගරු භාණ්ඩ ඇතුළු පූජා භාණ්ඩද පිරිනමන ලදී. මොරවැව ග්‍රාමයේ අ.පො. ස. සාපෙළ සමත් සිසුන් හා අ.පො. ස. උසස් පෙළ සමත් සිසුන් වෙත අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශිෂ්‍යාධාර පිරිනැමීමටද පන්නිල ආනන්ද නාහිමියෝ ක්‍රියාකරමින් සිටිති.