Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කරන 49 වියැති වෛද්‍යවරයකු සඳහා “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව මහනුවර මහරෝහලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කර ඇත. මේ සඳහා ඉදිරිපත් වීමට කැමති පින්වතුන් වෙතොත් 071 – 8499186 දුරකථන අංකයට හෝ 0778413786 ට අමතා විමසනමෙන් ඥාතීහු ඉල්ලා සිටිති. (තිලක් පුෂ්ප කුමාර)


හෙට්ටි ආරච්චිගේ මිල්ටන් නිහාල් වයස අවුරුදු 54 ක්වන අය “බී පොසිටිව්, ඕ පොසිටිව් හෝ නෙගටිව්” ලේ වර්ගයට සමාන ලේ වර්ගයකින් යුත් වකුගඩුවක් අවශ්‍ය කර ඇති බවත් වකුගඩුවක් පිරිනැමිය හැකි අය ඇතොත් 0776416937 යන දුරකථන අංකයට කතා කරන්නැයි ඉල්ලීමක් කැරේ.


මහනුවර, මුල්ගම්පොල පාරේ අංක 16 දරන නිවසේ පදිංචි එස්.කේ. වෙදගේ මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, ඔහුට කඩිනමින් “ඒ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවත් මහනුවර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත.


වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ, වෙදගේ මහතා රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලැබූ අතර දැනට පවතින රෝග ස්වභාවය අනුව, වකුගඩුවක් බද්ධකළයුතු තත්ත්වයේ පවතින බවද, වෛද්‍ය නිර්දේශය වී ඇත. වෙදගේ මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පින්වත් අයෙකු වෙතොත් 0770523576 දුරකථනයට දැනුම් දෙන ලෙස වෙදගේ මහතා ඉල්ලා සිටී.


වත්තල, හැඳල, දික්ඕවිට අංක 3/4 හි පදිංචි ඇම්.ඩී. අමිබෙස් මහත්මියගේ පුත්‍රයා වන ඇම්.ඩී. ඇන්ටන් සමීර (35) “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා සිටින අතර වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.