Print this Article


සංඝාවාසය විවෘත කිරීම 17 දා

සංඝාවාසය විවෘත කිරීම 17 දා

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සඟසතුකර පූජා කිරීම මෙම (17) දා පෙරවරුවේ දී සිදුකෙරේ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසල ධම්ම නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පින්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම පින්කම සිදු කිරීමට නියමිතය. මෙදින දවල් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමකි. රාත්‍රී සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වීමට ද විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.