Print this Article


වැලිපොතයාය බෝධි සෙවණ වන සෙනසුන

වැලිපොතයාය බෝධි සෙවණ වන සෙනසුන

ඇඹිලිපිටිය පනාමුරේ දෙකේ කණුව පනාමුරේ ඇත්ගාල වලව්වට ආසන්නව මනරම් කඳු වළල්ලකින් වටවූ ඉතා සුන්දර ගම්මානයකි වැලිපොතයාය ගම්මානය. කුඩා කඳු මුදුනක පිහිටා ඇති බෝධි සෙවණ ආරණ්‍ය සේනාසනය ඉතා සුන්දර පුදබිමකි. 1960 පමණ වන විට ස්වාමීන් වහන්සේලා වැඩ සිටි බවට තොරතුරු තිබේ. නමුත් බොහෝ දේ ගරා වැටී ඇත. වත්තේගම විශුද්ධි ධම්මාඥානාලංකාර හිමියන් විහාරාධිකාරි ලෙස කටයුතු කරමින් ගම්මානයට දහම් මග කියාදෙමින් වැඩ වාසය කරයි. එම ආරණ්‍ය සේනාසනයේ පුර පෝයට හා අමාවක පොහොයට දිවා රාත්‍රී දෙකේම ගම්වැසියන් 200 ක් පමණ සිල් සමාදන් වෙති.

එම පිරිසට නිසි ලෙස ධර්මානුකූල කටයුතු කිරීමට චෛත්‍යයක්, බෝධිය වටා තිබිය යුතු පහසුකම් නැත. සංඝාවාසයද ඉතාම ග්‍රාම්‍ය මට්ටමේ පවතී. මූලික වශයෙන් කුඩා චෛත්‍යයක් ඉදිකිරීමට විහාරාධිකාරි හිමියන් සහ සැදැහැවත් මහත්වරුන් දෙදෙනෙකු ඉදිරිපත්ව කටයුතු කරගෙන යයි.