Print this Article


දහම් ගුරු පුහුණු සැසිය දෙදිනක්

දහම් ගුරු පුහුණු සැසිය දෙදිනක්

බුද්ධ ශාසන අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව , බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2016 කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දෙදින දහම් පාසල් ගුරු පුහුණු සංස්කරණ සැසිය මාර්තු 05 සහ 06 යන දිනවලදී පෙරවරු 8 සිට මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේදී පැවැත්වේ.

දහම් පාසල් ගුරුවරු 600 ක් පමණ ඊට සහභාගි වන බව කටාන, මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති පණ්ඩිත සීදුවේ සුමනවංශ හිමියෝ දන්වා සිටින අතර උන්වහන්සේගේ සහ ලේකම්.කේ.ජී. එච්.එච්.ආර්. කිරිඇල්ල මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන එම සැසියේදී මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමි, උතුරාවල ධම්මරතන හිමි, අතුරලියේ රතන හිමි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ, සමන් පද්මකුමාර මහත්වරු ඇතුළු විද්වතුන් රැසක් දෙසුම් පවත්වති. 6 වනදා සහතික පත් ප්‍රදානය සඳහා ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වනු ඇත.