Print this Article


සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කමක්

සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කමක්

පිළියන්දල මාකන්දන වැලිතොටුවත්ත ‘සංකල්ප’ ගම ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මෙවරද මාර්තු 22 මැදින් පෝදා සවස 6.00 ට පැවැත්වේ. ඉන්දියාවෙන් රැගෙන එන ‘දාස් මල්’, ‘රෝස මල්’, ‘නෙළුම්, අරලිය සමගින් මල් හාරලක්ෂයක් පූජා කිරීමේ පින්කම සවස 6.00ට බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ. එම දින පෙරවරු 5.00 සිට දවස පුරා දාන, ශීල, භාවනා ඇතුළත් මහා පින්කම් මාලාවක්ද, සවස 5.30ට මල් තැන්පත් කිරීම, සවස 6.00ට මල් පූජා කිරීමේ මහා පින්කමද, මල් භාර ගැනීමේ විශේෂ කාර්යාලය මෙදින පෙරවරු 8.00 සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විවෘතව පවතී. දාස් මල් සහ නෙළුම් මල් අවශ්‍ය අය කාර්යාලයට මුදල් ගෙවා මල් ලබා ගත හැකි බවද කියයි.

ජීවිතයේ ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන එම අසිරිමත් පින්කම දැක බලා ගැනීම සඳහා සුදුවතින් සැරසී පවුලේ සැම සමඟ සමභාගී වීමෙන් සහ හැකි පමණින් උපකාර කිරීමෙන් උතුම් පින්කමට දායක වන ලෙස ද ඉල්ලීමක් කැරේ.

සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප වැඩිහිටි සමිතිය, සංකල්ප යෞවන සමාජය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප අන්‍යෝනාධාර සමිතිය, සංකල්ප නව යෞවන එකමුතුව එම පින්කම සංවිධානය කරයි.