Print this Article


මුනි සිරිපා වන්දනා මැදින් පොහෝදා

මුනි සිරිපා වන්දනා මැදින් පොහෝදා

මුනි සිරිපා වන්දනා මහා පුණ්‍යෙීත්සවය මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රීපාද මළුවේදී පැවැත්වෙයි.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුග්‍රහයෙන් එම වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට "බුදුසරණ" පුවත්පත මුද්‍රිත මාධ්‍ය සහාය දක්වයි.

මුනි සිරිපා වන්දනා පුණ්‍යමහෝත්සවය සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.