Print this Article


ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවක් පේරාදෙණියේදී

ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවක් පේරාදෙණියේදී

2560 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මෙවර මැයි මාසයට යෙදෙන වෙසක් පුන් පොහොය මුල්කරගෙන පුරා දින 60ක් මුළුල්ලෙහි සිදු කෙරෙන ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරය කේන්ද්‍රකොටගෙන තෙවන වතාවටත් පැවැත්වීමට විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සුබෝධ වෙසක් මහෝත්සව කමිටුව මගින් විධි විධාන යොදා ගෙන යයි. මීට පෙරද මෙවැනිම මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා දෙකක් 2006, 2011 යන වර්ෂයන්හී සුබෝධාරාම වෙසක් සති පින්කම් මාලාවන්ට සමගාමීව පවත්වා ඇත.

ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවේ දෛනික දිවා කාලයට, රාත්‍රී කාලයට, ධර්ම සජ්ඣායනාව පැවැත්වෙන කාලයේ සෑම දිනකම පස්වරු 5.00 – 6.00 දක්වා විශේෂ ධර්ම දේශනාවන්, එකී කාල සීමාවේ දිනපතා අටවිසි බුද්ධ පූජාවන්, ශබ්ද පූජාවන්, ශ්‍රාවක සංග්‍රහයන් පැවැත්වෙන බව මහෝත්සව කමිටුවේ ප්‍රධාන අනුශාසක වත්තේගම ධම්මාවාස නාහිමියෝ සඳහන් කරති.