Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පොළොන්නරුව, දම්වත්ත, පුබුදුගම අංක 28 හි පදිංචි ටී.එම්.පී.කේ.ජී. තෙන්නකෝන් යන අය ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට විශ්‍රාමලත් රණවිරුවකු වන අතර දරුණු වකුගඩු රෝගයකට ලක්ව සිටින බව කියයි. ඒ සඳහා ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් නිගමනය කර ඇති බවද කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවින් මුදල් පරිත්‍යාගශීලීන් වේ නම් මහජන බැංකුවේ ගිණුම් අංක 167200190015768 දරන ගිණුමට මුදල් බැර කළ හැකිය. වැඩි විස්තර දුරකථන අංක 0768962228 විමසිය හැක.


හම්බන්තොට සිරිබෝපුර කෙයාර් නිවාස ජේ.50 හි පදිංචි (55) දෙදරු පියෙකු වන ටී.එම්.එච්. සම්ඩෝන් යන අය වකුගඩු අක්‍රියවීමේ රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ රුධිර” ගණයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා නිර්දේශ කර ඇති බවද කියයි. වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777 521860, 047 2220614 දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.