Print this Article


ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම සමරු පින්කමෙන්...

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම සමරු පින්කමෙන්...
 

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනය පසුගිය 23 වැනිදා ලේක්හවුස් මන්දිරයේදී පැවැත්විණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සධාතුක කරඬුව වෙත මල් පූජාකළ අවස්ථාව ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහත්වරු සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්ම මහත්මීහු ඇතුළු ලේක්හවුස් ආයතනයේ සේවක පිරිස පිරිත් පින්කමට එක් වී සිටි අයුරු සේයාරූවලින් දැක්වේ.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ට දවල් සංඝගත දක්ෂිණාවේදී අටපිරිකර පූජා කළ අවස්ථාව. ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝද මෙහි වෙති.

ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට අටපිරිකර පූජා කළ අවස්ථාව. ඡායාරූප විමල් කරුණාතිලක

ආදි කර්තෘ ජන්ම සමරු පින්කමේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සහ ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා සහ විජය පුවත්පත් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන මහතා හා සවන් විජයවර්ධන මහතා පැන් වඩා පින් පැතූ අවස්ථාව.

සංඝගත දක්ෂිණාව සඳහා වැඩමකළ සඟරුවනින් කොටසක්