Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ඇඹිලිපිටිය 99 ගඟේයාය ශ්‍රී ගුණසිංහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ගම්මැදගම අස්සජී හිමියන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීමට ඒ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු සිටී නම් ගම්මැදගම අස්සජී හිමි, ශ්‍රී ගුණසිංහ පිරිවෙන 99 ගඟේයාය – ඇඹිලිපිටිය ලිපිනයට හෝ 07777-96088 ඇමතීමෙන් මේ පුණ්‍යකර්මයට දායක විය හැකි බව කියයි.

*****

47 හැවිරිදි එල්.ඩබ්ලිව්. චන්ද්‍රතිලක යන අය ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අපේක්ෂා කරයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 0777997214 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

*****

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන සේරුවිල සෙල්වනගර් අංක 9 සේරුවිල යන ලිපිනයේ පදිංචි අබ්දුල් කරීම් මොහමදුරාෆි යන අයට ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුඩුවක් බද්ධ කිරීම වෛද්‍ය නිර්දේශය වන බැවින් වකුගඩුවක් හා මූල්‍යමය ආධාර පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 0755563774 හා 0774292303 අංකයට ඇමතීම හා ලංකා බැංකුවේ 782437 ගිණුම් අංකයට ආධාර බැර කළ හැකිය.

*****

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට විශ්‍රාමලත් ටී. එම්. පී. කේ. ජී. තෙන්නකෝන් යන අය දරුණු වකුගඩු රෝගයකට ලක්ව කොළඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, වෛද්‍ය නිර්දේශය අනුව වකුගඩුවක් බද්ධ කිරීම සිදුකළ යුතු බැවින් ඕ පොසිටිව් වර්ගයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 0768962228, 0719127025 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

*****

හම්බන්තොට කටුවන පහළ අලුපොත්දෙණිය 236 හි පදිංචි සිංගප්පුල්ලිගේ කරුණාදාස දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම වෛද්‍ය නිර්දේශය වේ. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 071-7050763, 071-3224662, 071-8679990 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

*****

හපුතලේ වල්ගහවෙල අංක 16/සී නිවසේ එම්. කේ. මිතුම නෙත්විදු මාස එකොළහක් වයසැති සිඟිති පුතු උපතින් ම ශ්‍රවණ ආබාධිත තත්ත්වයෙන් පසුවන බව කියයි. ‘කර්ණ ශංඛ බද්ධ’ සැත්කම සඳහා විශාල මුදලක් වැයවන බව පේරාදෙණිය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වේ. අප්‍රේල් මස 04 දින එම සැත්කම සිදු කිරීමට නියමිත අතර, මේ සඳහා මූල්‍ය ආධාර පතයි. පේරාදෙණිය කොමර්ෂල් බැංකුවේ අංක 873001777 දරන ඉතිරි කිරීමේ ගිණුමට බැර කළ හැකිය.

*****

කොස්ගම කුමාර බාලසූරිය යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය නිර්දේශය බව දන්වන අතර වගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 0728131875, 0779423806 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.