Print this Article


දහම් පාසල් ගොඩනැගිල්ල 22 දා සිසු අයිතියට

දහම් පාසල් ගොඩනැගිල්ල 22 දා සිසු අයිතියට

1950 දශකයේ සිට දහම් අධ්‍යාපනය ලද වේයන්ගොඩ දඩගමුව ශ්‍රී ධම්මපාල ජයන්ති දහම් පාසලේ දූ දරුවන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරයකින් ද සමන්විත දෙමහල් ගොඩනැගිල්ල නවම් පෝයදා සියම් මහා නිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නා හිමියන් අතින් සිසු අයිතියට පැවරේ.

එම උත්සවයට සමගාමීව 21 වන දින පස්වරුවේ ආශිර්වාද බෝධිපූජාවක් හා පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර 22 දා දවල් 50 නමක් මහා සංඝයා විෂයෙහි සංඝගත දක්ෂිණාව ද, පස්වරු අටපිරිකර 500ක් සහිත කප්රුක් පූජාව පැවැත්වේ.