Print this Article


කුඩාමාදුව දහම් පාසල

කුඩාමාදුව දහම් පාසල

පිළියන්දල සිද්ධමුල්ල, කුඩාමාදුව පිහිටි ශ්‍රී සාංඝිකාරාමයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිවීම හා පොදු සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම නිසා දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව කියයි.

දහම් අධ්‍යාපනයට අමතරව මෙම දරුවන්ගේ කලා, සෞන්දර්ය හා අත්කම් පුහුණුව ද ඇතුළු විවිධ කුසලතා ඔපමට්ටම් කිරීමට ද අදහස් කර ඇත.

එම දරුවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හා අමතර අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ගබඩා කර තැබීමට හැකිවන ගොඩනැගිල්ලක් අවශ්‍ය කර තිබුන නිසයි. මේ සඳහා ආධාර සණස බැංකුව කුඩාමාදුව, 1/845 ශිෂ්‍ය අරමුදලට බැර කළ හැකි බව ද කියයි.