Print this Article


උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක්

උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක්

ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී කල්‍යාණි වංශිකාරාම විහාරාධිපති යටියන ඤාණාවාස නාහිමියන්ගේත් වැල්ලෑව අමිලසිරි ගිලන් භික්ෂු නිවාසයේ අනුශාසක බෝධිරුක්ඛාරාමාධිපති මෝදරවානේ අමිලසිරි හිමියන්ගේත් නාරන්බැද්දේ ආනන්ද සාගර හිමියන්ගේත් ශිෂ්‍ය දෙමටපිටියේ රතනසිරි සාමණේරයන් වහන්සේ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙණේ පරිවේණාධිපති දිගන්කෝන්වැව ශ්‍රී ජයසුමනාරාමාධිපති ලුණුවිල දීපසිරි හිමියන්ගේ අනුශාසකත්වය ඇතිව නවම් මස 27 – 28 යන දෙදින තුළ මුල්ලේරියාව ගල්වාන ශ්‍රී කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීමට නියමිතය.

දෙමටපිටියේ රතනසිරි සාමණේරයන් වහන්සේ කහටවිල ග්‍රාමයේ පදිංචි වෑවලගේ තිමෝති පෙරේරා හා හේරත් මුදියන්සේලාගේ රංජනී වීරකෝන් මැණිකේ වන දෙපලගේ පුතණුවන්ය.