Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ජපානයේ අගොන්ශු නිකායේ මහානායක සෙයියු කිරියාමා මහනාහිමි ජන්මදින සැමරුම් උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (SLAFF) දූත පිරිස ජපානයේ කියොතෝ හි අගොන්ශු විහාරයේ දී ෆුකද සෙයිඅ අනු නාහිමි හමු වූ අවස්ථාව. (SLAFF) හි අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි අද්දර පතිරණගේ මහතාගේ අධීක්ෂණයෙන් සංවිධානය වූ එම දූත චාරිකාවට බෝපිටියේ විජිත නා හිමි ඌරුමුත්තේ සුගතානන්ද නාහිමි, මිහිරිපැන්නේ සෝභිත හිමි, මාකඳුරේ සිරිරතන හිමි, යටියන අස්සජී හිමි, හැව්ඕවිට ගුණානන්ද හිමි, තාරපේරියේ සරණසිරි හිමි, ඌරුගමුවේ අස්සජී හිමි, මහකච්චකොඩියේ පඤ්ඤාසේකර හිමි, හා රන්සෑගොඩ විමලරතන හිමි ඇතුළු තවත් පිරිසක් එක් වූ අයුරු.
 

පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කොට වසර 75 ක් පිරීම නිමිත්තෙන් සංවත්සරික මහෝත්සවය පසුගියදා පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ නිමිත්තෙන් එම තරුණ බෞද්ධ සමිතිය සම්පාදනය කරන ලද “බොදු නැණ පහන” ශාස්ත්‍රිය සමරු ග්‍රන්ථය එහිදී එම සමිතියේ සභාපති සාමවිනිසුරු ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා විසින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. එම අවස්ථාවට සියම් මහා නිකායේ ඌව පාර්ශවයේ මහානායක ශාස්ත්‍රවේදී අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගිහි ආරාධිත ප්‍රභූන් රැසක් සහභාගි වූහ.
ඡායාරූපය – කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර