Print this Article


හිඟුරක්ගොඩ ශ්‍රී සෝමාලෝක දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම 21 වනදා

හිඟුරක්ගොඩ ශ්‍රී සෝමාලෝක දහම් පාසල් ගොඩනැගිල්ල

සිසු අයිතියට පැවරීම 21 වනදා

හිඟුරක්ගොඩ බුද්ධයාය ශ්‍රී සේලතිලකාරාම විහාරාධිපති, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක යටිරාවන උපාලි නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකර ඇති ශ්‍රී සෝමාලෝක දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සහ 2015,16 වර්ෂවල පවත්වන්නට යෙදුන ශ්‍රේණි විභාගයෙන් සමත් සිසු දරු දැරියන්ට සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මෙම මස 21 වෙනි ඉරු දින සවස 2 ට උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සලසා ඇත.

එම අවස්ථාවට හිඟුරක් දමන 7 කනුව ශ්‍රී බෝධිරාජ විහාරාධිපති ළිඳකුඹූරේ සෝභිත නාහිමි. ලංකාපුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි වැහිගල ධම්මසිරි නා හිමි වැඩම කරවන අතර මැති ඇමැතිවරු සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඇම්.ඩබ්ලිව්. අයි. කරුණාරත්න මැතිතුමාද සහභාගි වනු ඇත.