Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කඩවත, මහර, ජිනසේන මාවතේ අංක 354 සී, නිවසෙහි පදිංචි (23) නිර්මාල් ලේල්වල යන අය වකුගඩු දෙකම අක්‍රියව ඇති බව කියයි. “ඒ” හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බව ද දන්වයි. මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 011 2927847 හෝ 071 6861000 ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. ප්‍රතිකාර සඳහා ඉතා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මහර ශාඛාව, මහජන බැංකුවෙහි, අංක 21720031 430 8162 දරණ ගිණුම් අංකයට යොමු කරන ලෙස ද ඉල්ලීමක් කරයි.

*********

රෝගී හිමිනමකට ආධාර

ඔත්පලව වැඩ සිටින සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට බේත්හේත් සඳහා මසකට විශාල මුදලක් වැයවන බව කියයි. උන්වහන්සේට උපකාර කිරීමට කැමැතිනම් දුරකථන 032 7911085 හෝ 035 2222693 හෝ 0777 811087 අංකයන්ගෙන් විමසිය හැක.

*********

කර්ණ ශංඛ බද්ධය සැත්කමට ආධාර පතයි

හපුතලේ, වල්ගහවෙල අංක 16/ සී හි පදිංචි මිනුම් නෙත්විදු (මාස 11) දරුවා ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් පසුවෙන අතර, ඔහුට පූර්ණ ශ්‍රවණ තත්ත්වය ලබා ගැනීමට කර්ණ ශංඛ බද්ධය කළයුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව කියයි. එම ශල්‍යකර්මයට විශාල මුදලක් වැයවන බවත් සැත්කමින් පසුවද වසර කිහිපයක් කථන පුහුණුව වෛද්‍යවරයා විසින්ම ලබාදිය යුතු බවද දන්වා සිටියි. ඒ සඳහා ආධාර පේරාදෙණිය කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8730031777 ගිණුමට බැරකළ හැක. වැඩි විස්තර දුරකතන 0775892330 හෝ 071 2142058 දැනගත හැකිය.