Print this Article


මාදුළුවාවේ සෝභිත නා හිමි සමරුවට පින්කම්

මාදුළුවාවේ සෝභිත නා හිමි සමරුවට පින්කම්

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ගුණ සමරු පින්කම් මාලාව ජනවාරි 31 වනදා ආරම්භ වූ අතර පෙබරවාරි මස 07 වනදා දක්වා එය පැවැත්වේ.

31 වනදා සිට දිනපතා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී ධර්ම දේශනා මාලාවක් පැවැත්වුණ අතර, 6 වනදා දම් දෙසුම කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබුණි. 7 වනදා දවල් ශතාධික සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමනු ලැබේ. එදින සවස කැස්බෑවේ ධීරානන්ද හිමියන් විසින් බෝධි පූජාව පවත්වනු ලැබේ.