UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඩසිය වසරක දහම් ගුරු සේවය සැමරීමක්

අඩසිය වසරක දහම් ගුරු සේවය සැමරීමක්

1966 ජනවාරි 06 වැනිදා අම්බලන්ගොඩ පුරාණ සුභද්‍රාරාමය හෙවත් රන්කොත් විහාරයේදී “අම්බලන්ගොඩ චන්ද්‍රසිරි” දහම් පාසල ආරම්භ විය. එදින චන්ද්‍රසෝම ගිනිගේ මහතා එහි ගුරු සේවයට එක්විය. 1974 වසරේදී දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වීමට රජය තීරණය කළ අතර ගිනිගේ මහතා අම්/කළුවඩුමුල්ලේ ශී‍්‍ර විජයාරාම දහම් පාසලට අනුයුක්ත විය.

එම දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් 1992 වසර දක්වා සේවය කළේය. 1992 වසරේදී මොරටුව ශී‍්‍ර සුබෝධාරාම දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවයට පත් වූ අතර, 2004 වසරේදී වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලේද 2005 වර්ෂයේ සිට මේ දක්වා දෙහිවල කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථ ශී‍්‍ර බෝධිරාජ දහම් පාසලේද අවසාන හා ධර්මාචාර්ය ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු ලෙස සේවය කරයි. පුරා පණස් වසරක් ගුරුවරයෙක් ලෙසද, ඒ මහතා දහම් දැනුමෙන් පෝෂිතය. එතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය පතමි.

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]