Print this Article


හොරන්ගල්ලේ හේමසාර නාහිමියෝ අපවත් වෙති

හොරන්ගල්ලේ හේමසාර නාහිමියෝ අපවත් වෙති

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බද්දේගම වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමයේ අධ්‍යක්ෂ ගාලු ගඟබඩ පත්තුව හා ගාලු කඩවත් සතරේ උප ප්‍රධාන සංඝනායක කීඹිඇල ශ්‍රී සරණංකර පරිවේනාධ්‍යක්ෂ හොරන්ගල්ලේ හේමසාර නාහිමිපාණන් වහන්සේ අපවත්වී වදාළහ.

ධර්ම විනයධර මහ තෙර නමක් වූ හේමසාර නාහිමියෝ මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩි සිටි මහ තෙර නමක්ද වූහ. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජනවාරි 30 වනදා පස්වරු 2ට බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.