Print this Article


ථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක්

ථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක්

ථෙරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක් බවත් මෙමඟින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට රජය මඟින් නීති පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියෝ පවසති.

මෙම පනත් කෙටුම්පත දීර්ඝකාලයක් තිස්සේ තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවද උන්වහන්සේ පවසති. භික්ෂු කතිකාවත පිළිබඳව මෙම දිනවල ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙතින් පක්ෂව හා විපක්ෂව මතුවෙමින් තිබෙන අදහස් සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කැරමින් මහා නාහිමියෝ මේ බව ප්‍රකාශ කැර සිටිති. ඒ ඒ භික්ෂු නිකායික හා පාර්ශ්ව මඟින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් රජය මඟින් ලියාපදිංචි කිරීම පමණක් සිදු කැරෙන බව අවධාරණය කැරෙන මහනාහිමියෝ එසේ වූවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගතවිය යුතු ඇතැම් කරුණු මෙම පනත්වලට ඇතුළත් කැර තිබීම ගැටලු රැසක් පැන නැඟීමට හේතුවී ඇතැයි පවසති.

මෙම පනත පිළිබඳව අස්ගිරි මහ විහාර පාර්ශ්වීය කාරක සංඝ සභාව තවදුරටත් අධ්‍යයනය කැර රජයට අදහසක් ඉදිරිපත් කැරන බවද අස්ගිරි මහනාහිමියෝ මෙම මාධ්‍යය නිවේදනය මඟින් ප්‍රකාශ කැර සිටිති.