Print this Article


කොටපිටියේ රාහුල අනු නා හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය 29 වනදා

කොටපිටියේ රාහුල අනු නා හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය 29 වනදා

වාද්දුව, තල්පිටිය, බෝධි රාජමහා විහාරාධිපති කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් වෙත සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය මේ මස 29 වැනිදා සවස 3ට කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී පැවැත්වෙයි.

ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් එම පින්කම පැවැත්වෙන බව ආචාර්ය හෝමාගම ධම්මානන්ද නාහිමි සහ ශාස්ත්‍රපති නිකාරේ ඤාණතිලක හිමියෝ දන්වා සිටිති. අභිනව අනුනාහිමියන් පිළිගැනීමේ උත්සවය 30 වනදා බෝධිරාජ මහා විහාරයේදී පැවැත්වේ.